වර්ධක හෝමෝනය ස්වභාවිකව වැඩි කර ගන්නේ කෙසේද? Growth Hormone - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Tuesday, September 28, 2021

වර්ධක හෝමෝනය ස්වභාවිකව වැඩි කර ගන්නේ කෙසේද? Growth Hormone

 වර්ධක හෝමෝනය ස්වභාවිකව වැඩි කර ගන්නේ කෙසේද?


වර්ධක හෝමෝනය  යනු සිරුරේ පිටියුටරියෙන් ස්‍රාවය කරන හෝමෝනයකි.එය දරුවන්ගේ වර්ධනයට හා සංවර්ධනයට දායක වේ.ළමා අවදියේ වර්ධක හෝමෝනය වැඩි පුර ස්‍රාවය වන අතර වයසට යන විට එය අඩුවේ.වර්ධක හෝමෝනය  නොමැතිව දරුවන් ජානමය වැඩිහිටි උසට ලඟා නොවේ.පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ වයසට යන විටදී ප්ලාස්මා වර්ධක හෝමෝනය  මට්ටම අඩු වන බව හා වත්මන් පරීක්ෂණ වලින් පෙනී අත්තේ වර්ධක හෝමෝනය  පෝශණාතිරේක මගින් වයසට යෑම ප්‍රමාද කල හැකි බවයි.

වර්ධක හෝමෝනය ස්වභාවිකව වැඩි කර ගන්නේ කෙසේද?

වර්ධක හෝමෝනය ස්‍රාවය සෑම දෙනාගේම එක සමාන නොවන අතර එක් අයෙකුගේද එය දවසේ කාලය අනුව වෙනස් වේ.දරුවන්ගේ හා තරුණයන්ගේ වර්ධක හෝමෝනය මට්ටම ඉහල නැංවීම මගින් විශාල වර්ධනයක් දැකිය අතර පහත දැක්වෙන්නේ ඒ සඳහා ස්වභාවික ක්‍රම කිහිපයකි.

1. නිවැරදිව හා සැහැල්ලුවෙන් නිදා ගන්න.

සාමන්‍ය අයෙකුගේ වර්ධක හෝමෝන ස්‍රාවය සිදු වන්නේ නින්දේ විවිධ අවධි වලදීය.පරීක්ෂකයන්ට අනුව වර්ධක හෝමෝනය ස්‍රාවය වීම විචලනයන් නිසා කෙනෙකුගේ නින්ද,නිදා ගන්න ප්‍රමාණය වර්ධනය කෙරෙහි විශාල බල පෑමක් කරයි.පැය 7- 9 අතර නොකැඩුනු නින්දක් මගින් ස්වභාවිකවම වර්ධක හෝමෝන මට්ටම ඉහළ නංවයි.දිනයේ කුමන වේලාවක් වුවද කම් නැති අතර රාත්‍රිය වඩා සුදුසු වන්නේ අඳුර නිසා වැඩිපුර මෙලටොනින් ස්‍රාවය සිදු වන බැවිනි.පහත කරුණු භාවිතයෙන් ඔබට හොඳ නින්දක් ලබා ගත හැක.

  1. කාමරය ප්‍රශස්ත උෂ්ණත්වයක පවතා ගන්න.
  2.  සොඩා,කැෆේන්,කෝපි නින්දට පෙර පානය අවම කරන්න.
  3.  නිදා ගැනීමේ අපහසුවක් පවතී නම් ශබ්ද,සුගන්ධ හෝ සම්භාහන චික්ත්සාවක් කර යොමු වන්න.

2. නින්දට පෙර ආහාර ගනීමේන් වලකින්න.

 සෞඛ්‍ය උපදේශකයන් පවසන්නේ නින්දට පැය 2-3ට පෙර බර ආහර නොගත යුතු බවයි.එය ඉතා වැදගත් වන්නේ එය ස්ථූලතාවය,අසමජීර්ණය ඇතුලු සෞඛ්‍යමය ගැටළු රාශියකට බලපාන නිසාවෙනි.මෙයට ඉන්සූලින් ස්‍රාවයේ අසමතුලිත තා හා එමගින් වර්ධක හෝමෝන ස්‍රාවයටද බලපෑම් කරයි.ප්ලාස්ම පරීක්ෂණ වලින් පෙන්වා දෙන ආකාරයට රුධිරගත ඉන්සුලින් මට්ටම වැඩි විට වර්ධක හෝමෝන මට්ටම අඩු වේ.


3. වරින් වර කුසගින්නේ සිටින්න.

ඉහත සාකච්ඡා කල ලෙස ඉන්සුලින් මට්ටම වැඩි වන විට වර්ධක හෝමෝන ස්‍රවය අඩුවේ.හොඳ ප්‍රථිපල සඳ මෙම ක්‍රමය නිර්දේශ කරන්නේ එය ඉන්සුලින් මට්ටම හොඳින් පවත්වා ගැනීමට හා ජීර්ණය සමතුලිත කිරීමට පමණක් නොව වර්ධක හෝමෝන ස්‍රාවයද වැඩි කිරීමටයි.කොපමණ වේලාවක් කුසගින්නේ සිටිය යුතුද යන්න වෙනස් වන අතර සතියකට  3 න් වරක් පැය 12-18 අතර කාලයක් සිදු කිරීම එහි හොඳ සෞඛ්‍ය ප්‍රථිපල ලබා ගැනීමට හා වර්ධක හෝමෝන ස්‍රාවය වැඩි කර ගැනීමටම ප්‍රමාණවත් වේ.


4. තීව්‍ර ව්‍යායාම මාලාවන් වල නිරත වන්න.

ව්‍යායාම මගින් මස් පිඬු,කණ්ඩරා,බන්ධනී ඇදීමට ලක් කරන අතර එහිදී වර්ධක හෝමෝනය ස්‍රාවය වැඩි වේ.තීව්‍රතාවය වැඩිවන විට ස්‍රාවයද වැඩි වේ.මෙම ව්‍යායාම වලටpush up,chin up, සංයුක්ත ව්‍යායාම ,බයිසිකල් පැදීම,කාඩියෝ පුහුණුව ආදිය අදල වේ.

ව්‍යායාම සඳහා සුදුසුම වන්නේ උදෑසන කාල්යවේ. [නින්දේදී ආහාර නොගෙන සිටීම නිසා අඩු ඉන්සුලින්  මට්ටමක් තිබීම.] 

 

5. බර අඩු කර ගන්න.

තමාගේ බර ස්කන්ධ දේහ දර්ශකය අනුව පාලනය කර පවත්වා ගැනීම නිර්දේශයයි.ස්ථූලතාවය,නිදේදී ගෙරවීම,නින්ද නොයෑම,නින්දෙන් වරින් වර පිබිදීම වැනි රෝග රාශියකට හේතු වේ.ඉන්සුලින් ප්‍රතිග්‍රාහක ප්‍රමානය අඩු වීම නිසා ඉන්සුලින් ප්‍රතිරෝධයක් ඇති වීම ස්ථූලතාව නිසා සිදු වේ.බර අඩු කර ගැනීමට සෞඛ්‍යමත් ක්‍රමයක් අනුගමය කල යුතු අතර ඉන්සුලින් ප්‍රතිරෝධය වලවා ගැනීමට අධික සීනි සහිත ආහාර වලින් වැලකිය යුතුය.


6.වැඩිපුර L-DOPA නිපදවීම.

මෙය ඩෝපමීන් රසායනිකයේ  මූලික අවස්ථාව වන අතර ඩෝපමීන් හොඳ නින්දකට හා වැඩි  වර්ධක හෝමෝන ස්‍රාවයට හේතු වේ.මෙම L-DOPA මට්ටම වැඩි කර ගැනීම මගින්  වර්ධක හෝමෝන මට්ටම වැඩි කරගත හැකි ස්වභවික ආකාර කිහිපියක් ඇත.

  • මැකියුනා ශාකයමය අතිරේකය
  • ෆාවා බෝංචි velvet ආදිය ආහරයට ගැනීම වැඩි කරන්න.
  • L-phenylalanine,L-thyrosine වැඩිපුර ඇති මස් වර්ග[කුකුලු මස් ,හරක් මස්,මුහුදු ආහර] වැඩිපුර ආහරයට ගැනීම.
  • L-phenylalanine,L-thyrosine පිටතින් ලබා ගැනීම


7.අක්මාව පිරිසිදු කර ගන්න.

සිරුරේ විශ හරණය කරන ප්‍රධාන අවයවය අක්මාව වේ.ඔබ නරක ආහාර පුරුදු වලට ඇබ්බැහි වුන අයෙක් නම් ඔබගේ අක්මාව රෝගී අවයවයක් බවට පත් වී තිබෙනු අත.[නමුත් කිසි රෝග ලක්ෂණයක් නොපෙන්වයි.එසේ වුවද උපරිම කාර්‍යක්ෂමතාවයෙන් ක්‍රියා නොකරයි.] වර්ධක හෝමෝනයේ උපරිම ප්‍රයෝජනය ලබා ගනීමට නම් ඔබ අක්මාව පිරිසිදු කර ගත යුතු වේ.ඒ සඳහා ඔබට අහිතකර විශමය ද්‍රව්‍ය,බෙහෙත් වර්ග හා ඇල්කොහොල් ඔබගේ ආහාරයෙන් ඉවත්කිරීම මගින් එය කල හැක.

පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ පිටියුටරියේ නිපදවන වර්ධක හෝමෝනය අක්මාව තුලදී IGF-1 බවට පත් වන බවයි.එම IGF-1 ප්‍රෝටීන සංස්ලේශණයට,වයසට යෑම අඩු කිරීමට හා වර්ධක හෝමෝන ක්‍රියාවලිය ඉහල නැංවීමට හේතු වේ.


8.වැඩිපුර සිනා වෙන්න.

සිනා වීම මගින් ආතති හෝමෝන යටපත් කර වර්ධක හෝමෝන ස්‍රාවය වැඩි කල හැක.මිතුරන් සම්ඟ විනෝද වීම,චිත්‍රපට නැරඹීම ආදිය මගින් සතුටෙන් සිටින්න.ලොම ලින්ඩා සරසවියේ පරීක්ෂකයන් පෙන්වාදෙන්නේ විහිලු චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව ප්ලස්මා වර්ධක හෝමෝන මට්ටම 87% ඉහල ගොස් තිබූ බවයි.

 



9.සෞඛ්‍යමත් ආහර වේල් ලබා ගන්න.

අඩු ගල්යිසීමික් අගයක් ඇති ආහාර [පැස්ට,රතු බත්,බතල,ඇපල් ආදිය] මගින් වර්ධක හෝමෝන මට්ටම වැඩිකර ගත හැකි බව ප්‍රීක්ෂකයන් පවසනවා.සීනි අධිකව ඇති වැඩි  ග්ලයිසීමික් අගයක් ඇති ආහර ඔබගේ වර්ධක හෝමෝන මට්ටම අඩු කිරීමට හා ස්ථූලතාව ඇති කිරීමට හේතු වේ.


10. පෝෂණාතිරේක භාවිතා කරන්න.

පහත ඒවා වැනි පෝෂණාතිරේකමගින් ඔබට වසි කිහිපයක් ලබා ගතහැක.

  • මෙලටොනින්-නින්දට පෙර ග්‍රෑම් 0.5-5 අතර ගැනීමෙන් වර්ධක හෝමෝන ස්‍රාවය 157% කින් වැඩි කරගත හැක.
  • GABA-නින්දට පෙර ග්‍රෑම්3ක් බැගින් ලබා ගැනීමෙන් වර්ධක හෝමෝන ස්‍රාවය 200% කින් වැඩික් වේ.
  • ග්ලුටමින්-නින්දට පෙර හා ව්‍යායාම මාලාවකට පසුව ලබා ගැනීමට සුදුසු ඇමිනො අම්ලයකි.
  • GPC-වර්ධක හෝමෝන ස්‍රාවය වැඩි කිරීමට ව්‍යායාම වලට පසු මිලිග්‍රෑම් 600ක් ලබා ගන්න.




No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation