පේශී වර්ධනය පිළිබඳව ඔබ නොදත් කරුණු
/
On
/
In

පේශී වර්ධනය පිළිබඳව ඔබ නොදත් කරුණු

In
/ Read Time 4 mins

 පේශී වර්ධනය පිළිබඳව ඔබ නොදත් කරුණු



මේද දහනය කර පේශීන් වර්ධනය කර ගැනීමට අපි සියලු දෙනා උනන්දු වෙමු.

සත්‍ය වශයෙන්ම මෙලෙස ව්‍යායාම  කර විශිෂ්ඨ රූපකායක් ලබා ගත් අය සිටින්නේ අතලොස්සකි. එමෙන්ම ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමද බොහෝ විට අසීරු කටයුත්තකි . එමනිසා අප උනන්දු විය යුත්තේ එවන් රූපකායක් ලබා ගැනීමට පදනම් වූ දැනුම සොයා යාමටය. ඔබ ඔබගේ ශරීරය හා එහි ක්‍රියාකාරිත්වය  පිළිබඳව හා දන්නා තරම වැඩි වන විට ඔබට ලද හැකි ප්‍රතිඵල ද් ඉහළ යයි. 

එමනිසා පේශී වර්ධනයට අදාළ මූලික සිද්ධාන්ත අවබෝධ කර ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන ලෙසට හොඳින් පේශීන් වර්ධනය කර ගැනීමේ දැනුම හා හැකියාව ලැබේ . 

ඔබද කලාකරුවෙකි.
ඔබ කරන්නේ ඔබේ ශරීරය ඔබට අවශ්‍ය පරිදි ඇඹීම හා එයට විශිෂ්ඨ හැඩයක් ලබා දීමයි. පාට කරන බුරුසු, තීන්ත වෙනුවට මෙහිදී ඔබ භාවිතා කරන්නේ ව්‍යායාම උපකරණ හා බරවල්ය.

 


 

ක්‍රමයෙන් ඔසවන බර වැඩි කරන්න.

අධිබාර මූලධර්මයට ( overload principle ) අනුව පේශින් වර්ධනය කිරීමට ස්නායු පේශීය පද්ධතීන් ආතතියකට ලක් කළ යුතුය. “Progressive overload”  යනු, පේශීන් වලට එසවීමට සිදු වන බර ක්‍රමයෙන් ඉහළ නැංවීමයි. මෙලෙස සිදුකරන විට එම ඉල්ලුමට සරිලන පරිදි බර එසවීමට පේශී වල ප්‍රමාණය හා ශක්තිය ඉහළ යාම සිදු වේ.  ක්‍රමයෙන් ඔසවන බර වැඩි කරගෙන යාමේදී පේශීන් විශාල වන්නේ එබැවිනි.

මාංශ පේශීන් විශාල වීම

යම් පේශියක් විශාල බරක්/ප්‍රතිරෝධයක් මගින් ආතතියකට ලක් වූ විට එම පේශිය් විශාල කරගනිමින් ශරීරය ඊට ප්‍රතිචාර දක්වයි. මෙය පේශී අතිභරණය ( muscular hypertrophy) වශයෙන් හදුන්වනු ලබයි. අතිභරණය යනු පේශියේ ප්‍රමාණය විශාල වීමයි. මෙහිදී පේශියේ ශක්තිමත් බවද ඉහළ යනු ලැබේ.

 

විශිෂ්ටතාවය පිළිබඳ මූලධර්මය ( specificity principle )

අප යම් පේශී කාණ්ඩයකට ලබා දෙන විශේෂිත ආතතියට අනුව එය ප්‍රතිචාර දැක්වීමයි. උදාහරණ ලෙස මැරතන් ක්‍රීඩකයෙකුගේ පේශීන් අනුවර්තනය වන්නේ දිගු දුරක් දිවීමට සුදුසු වන ලෙසය.

එමෙන්ම කායවර්ධනයේදී ඔසවන අධිභාර වලට ශරීරය එයට ප්‍රතිචාර දක්වන්නේ පේශීන් විශාල කර ගැනීමෙනි.
එබැවින්, අපට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබා ගැනීමට විශිෂ්ටතාවය පිළිබඳ මූලධර්මය වැදගත් වේ.
 

යාන්ත්‍ර වාසිය

මිනිස් දේහය පද්ධති ගණනාවක් මගින් නිර්මාණය වී ඇත. ශරීරය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති අයට ශරීරයේ ලීවර ක්‍රියා කරන ආකාරයත්, වඩා හොදින් ඒවා ක්‍රියා කරවන්නේ කෙසේද යන්න පිළිබඳවත් අවබෝධයක් ලැබෙන අතර එමගින් වඩාත් වේගයෙන් පේශීන් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. 

අවසාන වශයෙන් , ඔබ ඔබගේ ශරීරය පිළිබඳව දන්නා තරම ඉහළ යන විට පහසුවෙන් පේශීන් වර්ධනය කිරීමේ හැකියාවද ඔබට ලැබෙනු ඇත.




Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: