මස් පිඬු වර්ධනය බාල කරන සාධක.
/
On
/
In

මස් පිඬු වර්ධනය බාල කරන සාධක.

In
/ Read Time 4 mins

මස් පිඬු වර්ධනය බාල කරන සාධක.


 


ඔබ මස් පිඬු වර්ධනය කර ගැනීමට උත්සහ ගන්නා විට ඔබට නිවැරදි සැලැස්මක් නොමැති නම් හෝ ව්‍යායාම නිවැරදිව සිදු කරන්නේ නැති නම් ඔබට  මස් පිඬු වර්ධනය බොහෝ අපහසු බව ඉක්මනින් පෙනී යනු ඇත.මස් පිඬු වර්ධනය කර ගැනීම කර ගැනීමට ඔබට ඔබ කරනා දෙය,කන බොන දෙය සම්බන්ධව කැපවීමක් ,විනයක් හා සැලසුමක් තිබිය යුතුය.පහත දැක්වෙන්නේ මස් පිඬු වර්ධනයට බාධා කරන කරුණු කිහිපයකි.


මස් පිඬු වර්ධනය අඩාල කරන ප්‍රධාන කරුණ වන්නේ අධිකව මත්පැන් පානය කිරීමයි.එයට හේතුව වන්නේ මස් පිඬු වර්ධනයට අවශ්‍ය කරන ප්‍රෝටීන සංස්ලේශණය එමගින් අඩාල කිරීම වේ.මෙසේ අධිකව මත්පැන් පානයේදී මස් පිඬු වර්ධනහෙහි ලා ඉතා තීරණාත්මක විටමින් ඒ,බී හා සී ද කැල්සියම්ද සින්කද සිරුර තුල සංචරණය වලකනු ලැබේ.

අනෙක් මස් පිඬු වර්ධනයට බාධා කරන දේ වන්නේ ඔබ විජලනයට ලක් වීම වේ.මස් පිඬු ප්‍රෝටීන හා ජලයෙන් සැදී ඇති අතර ඔබ දිනකට කොපමණ ජලය පානය කරනවාද,පානය නොකරනවාද යන්න මත ඔබගේ මස් පිඬු වර්ධනය වනවාද නොවෙනවා ද යන්න තීරණය වේ.මස් පිඬු වර්ධනයට ඔබට කල හැකි හොඳම දේ වන්නේ සෑම දිනකම අඩුම තරමේ ජල වීදුරු 8 ක් වත් පානය කිරීම වේ.මෙම ජල ප්‍රමාණය රහිත සිරුරට මස් පිඬු වර්ධනය කල නොහැක.ජලය ඔබගේ පේශීය සංතෘප්ත කරන අතර එමගින් ප්‍රෝටීන සංස්ලේශණය ඉක්මන් කරන සංවෘතීය පරිසරය නිර්මාණය කරයි.මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ දිනකට පානය කල යුතු ජල පරිමාව ඔහුගේ උස,බර හා ක්‍රියාකාරී මට්ටම මත රඳා පවතී.

ඔබ ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන ලබා නොගන්නෙ නම් ඔබගේ මස් පිඬු වලට වර්ධනය විය නොහැක.ප්‍රෝටීන වල මස් පිඬු ප්‍රෝටීන සංස්ලේශණයට අවශ්‍ය මූලිකාංග වන ඇමිනෝ අම්ල වලින් සමන්විතය.අඩු ප්‍රෝටීන ප්‍රමාණයක් යනු අඩු ඇමිනෝ අම්ල ප්‍රමාණයක් නිසා එය මස් පිඬු වර්ධනයට බාධා කරනු ලැබේ.එයට හේතුව වන්නේමස් පිඬු වල වර්ධනය වීමට අවශ්‍ය ඉන්ධන නොලැබීම වේ.ඔබට මස් පිඬු වර්ධනයට අවශ්‍ය නම් ඔබ දේහ බර රාත්තල් එකකට ප්‍රෝටීන ග්‍රෑම් 1-2 පමණ ගත යුතුය.ඔබ දිනකට ප්‍රෝටීන ග්‍රෑම් 100කට වඩා අඩුවෙන් ගන්නේ නම් එමගින් ඔබගේ මස් පිඬු වර්ධනය ඇන හිටුනු ලැබේ.
 

අනෙක් මස් පිඬු වර්ධනය අඩාල කරන දේ වන්නේ බර ඉසිලීමේ ව්‍යායමයි.ඔබට එය නිවැරදිව ඇසුනාද?එය මස් පිඬු වර්ධයනය අවශ්‍යම අංගයක් වුවද ඔබ එය නිවැරදිව සිදු නොකරන්නේ නම් එයින් කිසිම ප්‍රයෝජනයක් ඔබට නොලැබේ.උදාහරණයක් ලෙස ඔබ පමණ ඉක්මවා ව්‍යායාම කරන විට ඔබට යථා තත්වයට පත් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන අතර එම නිසා මස් පිඬු වලට අලුත්වැඩියාවට අපහසු වේ.එසේ වන විට පේශියට එහි ප්‍රමාණය වැඩි කරගත නොහැකි වේ.ඔබ විවේකයෙන් සිටින විටදී පමණක් මස් පිඬු වර්ධනය වන බව දැන ගන්න.ප්‍රමාණවත් තරමට විවේකයක් ලබා නොදෙන විට එයට අවශ්‍ය විවේකය ලබා ගනිමින් වර්ධනය වීමට ඉඩ නොලැබෙනු ඇත.




Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: