චතුරාර්‍ය්‍ය සත්‍යය
චතුරාර්‍ය්‍ය සත්‍යය ඥානයන් තුනකට බෙදා දොළොස් ආකාරයකින් සදහන් වන්නේ කෙසේද ?
" තිපරිවට්ටං ද්වාදසාකාරං"
තිපරිවට්ටය
- සත්‍ය ඥානය
- කෘත්‍ය ඥානය
- කෘත ඥානය
ද්වාදසාකාරය - දොළොස්ආකාරය යනු වට්ට තුන සත්‍ය හතරෙහි යෙදීමයි.
- දුක්ඛ සත්‍යය
- දුක්ඛ සත්‍ය ඥානය
- දුක්ඛ කෘත්‍ය ඥානය
- දුක්ඛ කෘත ඥානය
- සමුදය සත්‍යය
- සමුදය සත්‍ය ඥානය
- සමුදය කෘත්‍ය ඥානය
- සමුදය කෘත ඥානය
- නිරෝධ සත්‍යය
- නිරෝධ සත්‍ය ඥානය
- නිරෝධ කෘත්‍ය ඥානය
- නිරෝධ කෘත ඥානය
- මාර්ග සත්‍යය
- මාර්ග සත්‍ය ඥානය
- මාර්ග කෘත්‍ය ඥානය
- මාර්ග කෘත ඥානය
චතුර්විධ දුඃඛ ස්වභාවයෝ
පඤ්චස්කන්ධයාගේ දුඃඛත්වය වනාහි “දුක්ඛස්ස පීළනට්ඨො සංඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි වදාළ සතරක් වූ දුඃඛ ස්වභාවයන්ගේ වශයෙන් දත යුතුයි.
- පීඩන ස්වභාවය
- සංඛත ස්වභාවය
- සන්තාප ස්වභාවය
- විපරිණාම ස්වභාවය යි
සමුදය සත්‍යයාගේ ස්වභාව සතර
මේ දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය පටිසම්භිදා මග්ග පාළියෙහි “සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො” යනුවෙන් වදාරන ලද චතුර්විධ සමුදය ස්වභාවයෙන් වශයෙන් ද දත යුතු ය.
- ආයූහනට්ඨය
- නිදානට්ඨය
- සංයෝගට්ඨය
- පළිබෝධට්ඨය
නිරෝධ සත්‍යයාගේ ස්වභාව සතර
“නිරෝධස්ස නිස්සරණට්ඨො විවේකට්ඨො අසංඛතට්ඨො අමතට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි දක්වන ලද සතරක් වූ නිරෝධ ස්වභාවයන්ගේ, නිරෝධ ලක්ෂණයන්ගේ වශයෙන් ද මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දත යුතුය.
- නිස්සරණට්ඨය
- විවේකට්ඨය
- අසංඛතට්ඨය
- අමතට්ඨය
මාර්ග සත්‍යයාගේ ස්වභාව සතර
“මග්ගස්ස නීය්‍යානට්ඨො හේතුට්ඨො දස්සනට්ඨො ආධිපතෙය්‍යට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ගයෙහි දැක්වෙන චතුරාර්ථයන්ගේ වශයෙන් හෙවත් සතර ස්වභාවයන්ගේ වශයෙන් ද මාර්ග සත්‍යය දත යුතුය.
- නීය්‍යානට්ඨය
- හේතුට්ඨය
- දස්සනට්ඨය
- ආධිපතෙය්‍යට්ඨය
No comments:
Post a Comment