මස් පිඬු වර්ධනයට සුපිරි ආහාර. - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Monday, September 27, 2021

මස් පිඬු වර්ධනයට සුපිරි ආහාර.

 මස් පිඬු වර්ධනයට සුපිරි ආහාර.


 


මස් පිඬු වර්ධනයට දායක වීමට සුපිරි ආහාර තිබේ.රහස වන්නේ ව්‍යා‍යාම සම්ඟ ගත යුතු ආහර මොනවාද යන්න දැන ගැනීම හා හිස් කැලරි වලින් වැලකීම වේ.

මෙම ආහර සිරුරේ බර අඩු කරමින් අස්ථි ශක්තිමත් කරමින්,හෘද රෝග වලකමින්,රුධිර පීඩනය අවම කිරීමට දායක වේ.දිනකට ප්‍රධාන ආහර වේල් 3ක් හා සුළු ආහාර වේල් තුනක් ගැනීම හා ආහාර පහත ලැයිස්තුවෙන් තෝරා ගැනීමට වග බලා ගන්න.විවිධ ආහර වර්ග භාවිතා කිරීමෙන් ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට සම්ඟ අවශ්‍ය විටමින් හා ඛණිජ ලැබීම තහවුරු වේ.


ධාන්‍ය.

මෙයට රතු බත් ,පැස්ටා,තිරිඟු අයත් වේ.මේවාගේ තන්තු,ප්‍රෝටීන,තියමින්,නියසින්,රිබොෆ්ලෙවින්,විටමින් ඊ,කැල්සියම් ,පොටෑසියම්,සින්ක් යන මස් පිඬු වර්ධනයට දායක වන දේ අඩංගු වේ.මේවා ශක්තිය සපසනු ලැබේ.නොසැකසූ ධාන්‍ය ලෙස සඳහන් ආහරම ලබා ගැනීමට වග බලා ගන්න.නැතහොත් ඔබට ගුණදායක පෝෂක නොලැබී යනු ඇත.


නට්ස්-

ආමන්ඩ්,වොල්නට් මස් පිඬු වර්ධනයට හා කුසගිනි නිවීමට හේතු වේ.ඔබව හදවත් රෝග,පිලිකා හා ස්ථූලතාවයෙන් වලකන හොඳ මේද හා ප්‍රෝටීන මෙහි අඩංගුය.එසේම විටමින් ඊ,ෆෝලේට්,පොස්පරස්,මැග්නීසියම් අඩංගුය.අධික ලුණු මගින් රුධිර පීඩනය වැඩි කරන නිසා අවම ලුණු සහිත ප්‍රභේද තෝරා ගන්න.


කජු බටර්.

මස් පිඬු වර්ධනයේ සුපිරි ආහාරයකි,ප්‍රෝටීන හොඳ මේද,විටමින් ඊ,මැග්නීසියම් හා නියසින් සපයනු ලැබේ.එසේම සීනි රහිත වර්ගයක් තෝරා ගැනීමට වගබලා ගන්න.


රස්බෙරි හා අනෙකුත් බෙරි වර්ග.

ප්‍රතිඔක්සිකාරක අඩංගුය.එය රෝග වලට එරෙහිව ක්‍රියා  කරයි.පෙනීම වැඩි කරයි.එසෙම මෙහි විටමින් සී හා තන්තු අඩංගුය.හිස් කැරලි සපයන අධි සීනි හා මේද වෙනුවට පැණිරස විකල්පයකි මේ.



 

ඔලිව් හෝ කැනොලා තෙල්.

මේවා කොලෙස්ටෙරොල් අඩු කරමින් ප්‍රතිශක්තීකරන පද්ධතිය සවිමත් කරනු ලැබේ.විටමින් ඊ හා හොඳ මේද සපයමින් හදවත් රෝග වලට එරෙහිව ක්‍රියා කරයි.හයිඩ්‍රජනීකෘත තෙල් තිබේදැයි විමසිලිමත් විය යුතුය.කිමද ඒවා ගේ එවන් ආරක්ශක ක්‍රියාවක් නොමැති බැවිනි.

 

බිත්තර.

බිත්තර වල විටමින් ඒ හා ප්‍රෝටීන තිබේ.මස් පිඬු වර්ධනය කරමින් මේද දහනයට උපකාරී වේ.සුදුමද මිශ්‍රණ  වල කහමද නැති අතර එසේ වුවද පෝෂක අඩංගුය.


කළුකුම් මස් හා මේද රහිත මස් වර්ග.

කළුකුම්,කුකුළු,හරක් මස් හා මාළු ඉතා හොඳ ප්‍රෝටීන,සින්ක්,ඔමෙගා3 මේද අම්ල,විටමින් බී6 හා 12 පොස්පරස්,පොටෑසියම් මූලශ්‍ර වේ.මෙය මස් පිඬු වර්ධනය කරන අතර ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර මතක හානිය හා මනෝභාව රෝග හා ස්ථූලතාව අඩු කරයි.


මේද රහිත හෝ අවම කිරි ආහාර.

මෙයට කිරි,චීස්,යෝගට් අයත් වේ.කිරි ආහාර අස්ථි සවිමත් කිරීමට හා කැල්සියම්,පොස්පරස්,විටමින් ඒ,බී12,රයිබෝෆ්ලෙවින් හා පොස්පරස් ලබා ගැනීමට  ඉතා වැදගත්ය.මේවා ඔස්ටියෝපොරොසිස්,පිලිකා හා අධිරුධිර පීඩනයෙන් ආරක්ශා කරයි.


කොල පාට එලවළු.

ගෝවා ,බ්‍රොකොලි,ඇස්පෙරාගස් අයත් වේ.මේවාගේ විටමින් ඒ,සී,කේ ,බීටා කැරොටින්,ෆොලේට්,කැල්සියම්,මැග්නීසියම් හා තන්තු අඩංගු වේ.මේවා මුක්ත ඛණ්ඩ,ඔස්ටියෝපොරෝසිස්,පිලිකා,ස්ථූලතාවය හා හදවත් රෝග වලින් ඔබව වලකාලයි.


බෝන්චි වර්ග.

කඩල,සෝයා,ලීම,කව්පි ආදිය අයත් වේ.මස් පිඬු වර්ධයට,මේද දහනයට,ජීර්ණය පහසු කිරීම හා ස්ථූලතාව වැලැක්වීමට හේතු වේ.හදවත් රෝග,මහාන්ත්‍රික පිලිකා,අධි රුධිර පීඩනය වැලකීමට දායක වේ.මෙහි ප්‍රෝටීන,තන්තු,යකඩ හා ෆෝලේට් අඩංගුය.

මස් පිඬු වර්ධනයට ව්‍යායාම කිරීමේදි මෙම අහාර එක් කරගනිමින් විටමින් හා ඛණිජ  පෝෂක මානාව ලැබෙන බව තහවුරු කර ගන්න.මෙම ආහර ආහාර වේලේ වැදගත් කොටසක් වීමේන් නිවැරදි පෝෂණය ලැබේ.





No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation