පේශීන්ගේ නම් දැන සිටීමේ වැදගත්කම - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Monday, September 27, 2021

පේශීන්ගේ නම් දැන සිටීමේ වැදගත්කම

 පේශීන්ගේ නම් දැන සිටීමේ වැදගත්කම

 


ඔබ කායවර්ධනයෙහි නිරත වනවා නම් පේශි පද්ධතියේ පේශීන් මොනවාද යන්න දැන සිටීම වැදගත් වේ. අවම වශයෙන් ප්‍රධාන පේශී කණ්ඩායම් වල නම් වත් ඔබ දැන සිටීම මෙහිදී අත්‍යවශ්‍ය දෙයකි.
ඔබගේ පේශි වල පිහිටීම  හා ඒවායේ ක්‍රියාකාරිත්වය ද දැන සිටීම , පේශීන් ඉලක්ක කර ව්‍යායාම කිරීමේදී උපකාර වේ. එමෙන්ම ව්‍යායාම කිරීමේදී නියමාකාරයෙන් ඒවා ක්‍රියා කරවීමටද හේතු වේ. එමෙන්ම ඔබ පේශීන්ගේ නම් හොඳින් දන්නවා නම් ඔබගේ පුහුණුකරුට හෝ අන් අය සමග ව්‍යායාම පිළිබඳව හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබේ. 

අප ශරීරයේ නම් කළ පේශීන් 640-700 ක් පමණ අඩංගු නමුත්, ඔබ මේවායින් මතක තබා ගත යුත්තේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයකි.

පේශී නම් මතක තබා ගන්නේ කෙසේද?

තම ශරීරයේ පේශීන් හදුනාගෙන ඒවායේ නම් මතක තබා ගැනීම පහසුම මග වේ. ඔබට රූපසටහන් ඇද හෝ ගීතයක් ලෙස ඒවායේ නම් මතක තබා ගත හැකි අතර, අන් අයට ඉගැන්වීමෙන් ද පහසුවෙන් මතක තබා ගත හැකිය .

පේශීන් ගේ නම් ඉතාමත්ම සිත්ගන්නාසුළු ය. ඒවාට ලතින් අභාෂයක් ඇති අතර එම නම බොහෝවිට පේශිය ආරම්භ වන ස්ථානය , සවි වන ස්ථානය , එහි පිහිටීම , ප්‍රමාණය , හැඩය ,එහි දිශාව හෝ කාර්යය පිළිබඳ තොරතුරු සපයයි .

පිහිටීම

බොහෝ පේශි නාම , ඒවායේ පිහිටීම පිළිබඳ තොරතුරු සපයයි. උදාහරණයක් ලෙස, Tibialis anterior යන පේශිය tibia යනුවෙන් හැදින්වෙන අස්ථියේ ඉදිරිපස ප්‍රදේශයේ දැකිය හැකිය. Anterior යනු ඉදිරිපස යන අර්ථයයි. එමෙන්ම Brachialis හා Brachioradialis පේශීන් බාහු වල පිහිටා ඇති බව අවබෝධ කර ගත හැකිය. මන්ද, ලතින් බසින් බාහුවට කියන්නේ bracchium කියාය.

 

ආරම්භක ස්ථාන ගණන

පේශින් සාමාන්‍යයෙන් අස්ථි දෙකක් හා සම්බන්ධ වේ. පේශියක එක් අන්තයක් එක් අස්ථියකටත් අනෙක් අන්‍තය තවත් අස්ථියකටත් සම්බන්ධ වේ  . සාමාන්‍යයෙන් පේශියක අවිදුර අන්තය (  හිසට ආසන්නතම පේශී අන්තය) එහි ආරම්භක ස්ථානය ලෙසත්, දූර අන්තය හිසට ඈතින්ම සවි වූ අන්තය ලෙසද සළකනු ලබයි.
බොහෝ පේශීන්ට ආරම්භක ස්ථාන කිහිපයක් ඇත. ඒවා ඒවාට යොදා ඇති නම් වලින් මනාව පැහැදිලි වේ. උදාහරණ ලෙස biceps පේශියට ආරම්භක ලක්ෂ්‍ය 2 ක් ඇති බව bi යන්නෙන් ද, tricep පේශියට ආරම්භක ස්ථාන 3 ක් ඇති බව tri යන්නෙන් ද, quadriceps පේශියට ආරම්භක ස්ථාන 4 ක් ඇති බව quadri යන්නෙන්ද  පැහැදිලි වේ.


ප්‍රමාණය

ශරීරයේ පේශීන් ගණනාවක් ඒවායේ ප්‍රමාණය අනුව නම් කර ඇත. උදාහරණ ලෙස තට්ටම් ප්‍රදේශයේ පේශීන් ඒවායේ විශාලත්වය මත Gluteus maximus( විශාල), Gluteus mediusමධ්‍යම) හා Gluteus minimus (කුඩා)  ලෙස නම් කර ඇත. එමෙන්ම longus යනුවෙන් දිග පේශීන් ද, bravis යනුවෙන් කෙටි පේශීන්ද හදුන්වා දී ඇත.


 

හැඩය

සමහර පේශීන් ඒවායේ හැඩය අනුව නම් කර ඇත. උදාහරණ ලෙස උරහිසේ ඇති deltoid පේශිය එසේ නම් කර ඇත්තේ එය ඩෙල්ටාවක්/ත්‍රිකෝණාකාර බැවිනි . තවද  , trapezius පේශියට එලෙස නම් ලබා දී ඇත්තේ එයට ට්‍රැපිසොයිඩ හැඩයක් ඇති බැවිනි. Rhomboid පේශියට එම නම ලබා දී ඇත්තේ එය රොම්බොයිඩයක්/ දියමන්ති හැඩැති වීම නිසාය.
 

දිශාව

Rectus යනුවෙන් හැදින්වෙන පේශීන් සමාන්තරව පිහිටා ඇති අතර  , Transverse යනුවෙන් නම් කර ඇති පේශීන් ලම්බකව පිහිටා ඇත. Oblique ලෙස නම් කර ඇති පේශීන් කෝණයකට පිහිටා ඇති අතර, මේවායේ දිශා ශරීරයේ මධ්‍ය රේඛාවට සාපේක්ෂව ප්‍රකාශ කරනු ලැබේ. උදාහරණයක් ලෙස, උදර ප්‍රදේශයේ Rectus abdominis ශරීරයේ මධ්‍ය රේඛාවට සමාන්තරව පිහිටා ඇති අතර, transverse abdominis මධ්‍ය රේඛාවට ලම්භකව පිහිටයි. External oblique මධ්‍ය රේඛාවට සාපේක්ෂව කෝණයකින් පිහිටයි.


කාර්යය

 සමහර පේශීන් ඒවායේ කාර්යයන් අනුව නම් කර ඇත. Flexer, Extensor, abductor, adductor යනු ඒ සදහා උදාහරණ වේ. මේවා අදාළ පේශීන්ගේ නමට ඉදිරියෙන් උපසර්ග ලෙස යොදා ඇත. උදාහරණ ලෙස wrist flexors යනු, මැණික්කටුව නැවීමට උපකාරී වන පේශීන්ය.wrist extensor යනු මැණික් කටුව දිග හැරීමට දායක වන පේශීන් ය. Adductor magnus පේශිය කලවා ශරිරයේ මධ්‍ය රේඛාව දෙසට ගෙන එනු ලබයි.

 

 

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation