ඔබගේ මස් පිඬු වර්ධන ඉලක්ක වේගවත් කර ගන්න.-බර වැඩි කර ගැනීමට පානය කල හැකි බීම වර්ග 3ක්. - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Tuesday, September 28, 2021

ඔබගේ මස් පිඬු වර්ධන ඉලක්ක වේගවත් කර ගන්න.-බර වැඩි කර ගැනීමට පානය කල හැකි බීම වර්ග 3ක්.

ඔබගේ මස් පිඬු වර්ධන ඉලක්ක වේගවත් කර ගන්න.-බර වැඩි කර ගැනීමට පානය කල හැකි බීම වර්ග 3ක්.

 


 මස් පිඬු වර්ධයට හා බර වැඩි කර ගැනීමට සුදුසුම කුමන පාන වර්ගද යන්න සොයනවානම් ඔබ සිටින්නේ නිවැරදි ස්ථානයේයි.මෙම ලිපියෙන් කියා දෙන්නේ ඔබට ඔබගේ නිවසේදීම සකසා ගත හැකි පෝශණීය පාන වර්ග කිහිපයක් ගැනයි.මිල අධික ප්‍රෝටීන පාන වර්ග පානයේ ගැටලුවක් නැති වුවද ඔබගේම පානයක් සකසා ගැනීම මගින් ඔබට අවශ්‍ය රසය හා කැලරි සංයුතිය පාලනය කර ගැනීමට හැක.


ප්‍රෝටීනමය පාන



 

 

 

 

 

 

 

ශාරීරික යෝග්‍යතා ප්‍රවීණයන් කායවර්ධනයේදී ඝණ ආහාර නිර්දේශ කලද මස් පිඬු වර්ධනයට ප්‍රෝටීන ලබා ගැනීමේදී නම් ප්‍රොටීන පානයක් ලෙස ගැනීම නිර්දේශ කරයි.ප්‍රෝටීන පානයන් තුල ඔබගේ සිරුර සුපිරි අයෝමය තත්වයට පත් කිරීමේ මැජික් එකක් නොමැති වුවද කුකුළු මස් වල මෙන් එහි ඉතා විශාල පෝෂණයක් ගැබ්ව තිබේ.කුකුළු මස් කැබැල්ලක් තරම් ඔබගේ ප්‍රෝටීන පානය රසවත් නොවුනද ඔබගේ දේහයට වටිනා පෝෂක රැසක් ලබා දීමේ හැකියාව එයට තිබේ.

ප්‍රෝටීන පානය සැකසීමේදි වෙලඳපොලේ ඇති හොඳම ප්‍රෝටීන පව්ඩර් එකට මේද රහිත කිරි  මිලි ලීටර  150ක් එක් කර ගන්න.බ්ලෙන්ඩරයක් මගින් සියල්ල හොඳට මිශ්‍ර කරන්න.මිනිත්තු කිහිපයක් මිශ්‍ර කිරීමෙන් පසුව ඔබට රසවත් ප්‍රෝටීන පානයක් ලැබෙනු ඇත.


කාබෝහයිඩ්‍රේට පාන

බර වැඩි කර ගැනීමට හා මස් පිඬු වර්ධනයට අධි කාබෝහයිඩ්‍රේට පාන වර්ග ඉතා සුදුසු බව සැලකේ.නමුත් සියලු කාබෝහයිඩ්‍රේට සපිරි පාන වර්ග සිරුරට ගුණදායක නොවන අතර හානිකර විය හැක.මෙම කාබෝහයිඩ්‍රේට සපිරී පාන වර්ග ගැනීමේ වාසියක් වන්නේ එයින් මස් පිඬු වර්ධන තීව්‍ර ව්‍යායාම කිරීමට ශක්තිය ලබා දීමයි.

මෙය සකසා ගැනීමට ඔබගේ පානයට පලතුරු එක් කර ගන්න.ඔබට  ඔබගේ සිරුරට අවශ්‍ය පරිදි පෝෂණ අනුපාත හා රසය පාලනය කර ගැනීමට නොහැකි වුවද ඔබට එම පළතුරු පානයට දමා බ්ලෙන්ඩර් කර ගැනීමට සිදු වනු ඇත.කිරි සමඟ කෙසෙල් යොදා ගනිමින් ඉතා හොඳ පානයක් සකස් කරගත හැකි අතර වෙනත් පලතුරු යොදා නිර්මාණාත්මකව විවිධ පාන වර්ග සාද ගත හැක.


අඩු මේද කිරි පාන

අපගේ කුඩා අවධියේ සිට වැඩිහිටියන් පවසන ආකාරයට පානය කිරීමට ඉතාමත් සුදුසුම ආහාරය කිරි වේ.කිරි ප්‍රොටීන වලින් 80% කැසෙන්[casein] හා 20 % වේ[whey] ප්‍රෝටීන වේ.මෙම දෙකම ඉතාමත් පෝශණීය වන අතර whey ප්‍රෝටීන වේගවත් ප්‍රෝටීන ලෙස සැලකෙන්නේ එය ඉතා ඉක්මනින්  ඇමිනෝ අම්ල බවට ජීර්ණය වී රුධිරයට උරා ගන්න බැවිනි.එම නිසා අඩු මේද කිරි ව්‍යායාම වලට පසුව ගැනීමට ඉතා යෝග්‍ය වේ.

කිරි වලින් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් අඩු මේද හා කැලරි ප්‍රමාණයක් ලබා ගැනීමට සැමවිටම මේද රහිත කිරි භාවිතා කරන්න.[අඩු මේද හෝ මේද රහිත කිරි]සෑම ආහර වේලක් සමඟම අඩුම තරමේ දිනකට තුන් වරක් කිරි වීදුරුව බැගින් පානය කරන්න.ඔබ චොක්ලට් වලට ප්‍රිය නම් සමාන පෝශණයක් ඇති රසවත්,අඩු මේද චොකලට් කිරි පානය කරන්න.

එසේනම් ඔබ යළිත් ජිම් එකට යන විට ඉහත පාන වර්ග වලින් එකක් හෝ ගෙන යාමට වග බල ගන්න.මෙම පාන සකසා ගැනීම පහසු හා වේගවත් වන අතර  ඒවා ඔබගේ මස් පිඬු වලට වර්ධනය වීමට හා ශක්තිමත් වීමට උපකාරී වේ.ව්‍යායාම මාලාවකට පසුව ඔබගේ වෙහෙසුනු මස් පිඬු පෝෂණය කිරීමට නම් හොඳ කිරි වීදුරුවක් පානය කිරීම තරම් වටිනා දෙයක් තවත් නැත.



No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation