Nikini poya day wishes in sinhala - පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා ! - 94 - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Thursday, August 4, 2022

Nikini poya day wishes in sinhala - පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා ! - 94

 පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා !

Nikini poya day wishes in sinhala - පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා ! - 94


නිකිණි පොහොය දින වැදගත් කම:

  1. පෙර වස් සමාදම් වීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලා පසු වස් සමාදම් වීම.
    ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලැබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි අවපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළැඹෙන හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවට යි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එය බුද්ධ නියමය යි. මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නො කළ භික්ෂුවට න භික්ඛවෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස යනුවෙන් මහණෙනි, වස් නො එළඹිය යුතු නොවේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ. යැයි මහා වග්ගයේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි දී බුදුහු වදාරා ඇත්තා හ. ඒ වස් විසීමේ දීත් පෙරවස් එළඹීම ප්‍රධාන වශයෙන් කළ යුතුය. පසු වස් එළඹිය යුත්තේ යම්කිසි කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්ෂූන් විසිනි. කඨින චීවර ලබා ගැනීමේ අයිතිය ඇත්තේ පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන්ට පමණකි. ඒ වස් එළඹීමත් ගස් යට, එළි මහන්වල, ඡත්‍ර යට, රුක් වෙළෙප්හි, ගස් සිදුරෙහි, සොහොන් කිළියෙහි ආදි ස්ථාන වල නො එළඹිය යුතුය. “න භික්ඛවෙ අසේනාසනිකෙන වස්සං උපගන්තබ්බං යො උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් ‘මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතුය. යමෙක් එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැයි’දේශනා කොට ඇත. වහලක් හා දොරක් ඇති සෙනසුනක් ම සොයා ගෙන නියමිත දිනයෙහි වස් එළඹීම භික්ෂුව විසින් කළ යුතුය. ( WIKI )
  2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන මස දෙවන දා එනම් නිකිණි මස අවදියවක්දා රජගහ නුවර “වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයේ” මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළේද මෙම උතුම් නිකිණි පොහොය දිනයේය. 
  3. මෙම උතුම් නිකිණි පොහොය දින සුදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සිටි “ආනන්ද තෙරණුවන්” අරහත් ඵලය ලැබීමයි. මෙය නිකිණි පොහොයදා අළුයම සිදු විය.
  4. බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කොට සේරුවිල මහා සෑය සෑදීම ආරම්භ කිරීම. 
  5. දළඳා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීම යන කරුණු විශේෂිත වේ. 

 

 poya day, sinhala greeting cards, free greeting cards, poya day sri lanka, poya day facebook post, nikini poya day whatsapp status, whatsapp stories, poya day instagram post, nikini poyaday sinhala wishes, sinhalagreeting.com, nikini poya day wedagath kama, importance of nikini poya day

 

තෙරුවන් සරණයි ... 🙏 



 

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation