පිංබර බක් පුන් පොහෝ දිනයක් වේවා.. ! බක් මස පොහොය දිනයේ වැදගත් - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Saturday, April 2, 2022

පිංබර බක් පුන් පොහෝ දිනයක් වේවා.. ! බක් මස පොහොය දිනයේ වැදගත්

 පිංබර බක් පුන් පොහෝ දිනයක් වේවා.. !

 

බක් මස පොහොය දිනයේ වැදගත් කම


 බක් මස පොහොය දිනයේ වැදගත් කම

1. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී දෙවන වරටත් ලක්දිව සම්බුදු සිරිපා පහස ලැබීම. බුදු හිමියන් මැණික් පුටුවකට යුධ වදිමින් සිටි චූලෝදර , මහෝදර නැමැති නා රජුන් දෙදෙනාට ධර්මය දේශනා කර සමගි කරවීම.

දමනය වූ ඒ නාග පිරිසට බුදුරජුන් කාකෝලුක ජාතකය, ථන්දන ජාතකය, වට්ටක ජාතකය, ලටුකික ජාතකය ඇසුරින් ගුණමකු බවේත් එකටෙක කිරීමෙත් ආදීනව පහදාලමින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දී නා පිරිවරට ධර්ම දේශනා කොට වදාළ සේක. සසරේ ආදීනව පෙන්වා දී වදාළ සේක. යුධයට සැරැසුණු නා පිරිස එය අවසානයේ සමගි වූහ. බුදුරජාණන් වහන්සේ අහසින් බිමට වැඩම කළ කල්හි චූලෝදර හා මහෝදර නා රජවරු දෙදෙනා විසින් ඒ වටිනා මිණිපළඟ පූජා කළේය.

 

2. සිදුහත් කුමරු සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත දැකීම.

 

ඒ රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන් හී උපකාරයෙන් අප සියළු දෙනාම මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කරන වාසනාවන්තයෝ වෙත්වා!


 තෙරුවන් සරණයි!

 

 bak poya day , april poyaday , facebook story photo,  bak poyaday whatsapp story photo, bak poyaday instagram story photo

 

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation