What burns the most calories? - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Wednesday, February 16, 2022

What burns the most calories?

 වැඩිපුරම කැලරි දහනය කරන්නේ කුමක්ද? මස් පිඬු ද මේද පටකද?

වැඩිපුරම කැලරි දහනය කරන්නේ කුමක්ද? මස් පිඬු ද මේද පටකද?

පරීකෂන වලට අනුව මේද වලට කැලරි දහනය කල හැක,මේද රාත්තලක් දිනකට කැළරි 2 ක් දහනය කරනු ලබයි.එසේනම් මේද දහනය සඳහා කල යුත්තේ බර වැඩි කර ගැනීමද?කොහෙත්ම නැහැ,නමුත් එය මදක් සිත් ගන්න සුළු කරුනක්.


මස් පිඬු..මස් පිඬු කොපමණ කැලරි දහනය කරනවාද?

වෛද්‍ය පරීකශකයන් මස් පිඬු කොපමණ කැලරි දහනය කරනවාද යන්න හරියටම සොයාගෙන නැත.නමුත් එය දල වශයෙන් දිනකට කැළරි 5-6 පමණ දහනය කරන බව දල වශයෙන් ගණන් බලා ඇත.ඔබ සිතන තරම් මස් පිඬු ඔබගේ පරිවෘතීය ඉහල නොනංවන බව ඔබට පෙනී යනු ඇත.


එකතු කිරීම හා අඩු කිරීම.

සරල උදාහරණයක් ලෙස අප සිතමු මේද රාත්තල් 20 ක් අඩු වුන බව,එනම් ඔබගේ කැලරි දහනය කැලරි 40 කින් අඩු වීමයි,පේශී රාත්තල් 10 වැඩි වීම යනු කැලරි 60ක් දහනය වීමයි.එකතු කිරිමට හා අඩු කිරිමට පසුව වෙනස නම් කැළරි 20 කි.මෙය එතරම් විශාල අගයක් නොවේ.ඔබගේ පරිවෘතීය වේගයද එතරම් වෙනස් නොවනු ඇත.ඔබ එම අගය දෙගුණ කලහොත් ඔබ දහනය කරන කැලරි ප්‍රමාණය  60 ක් දක්වා වැඩි වේ.ඔබ ආහාර ගත් විට එම දහනය වූ සියලු යැළි යලි තැම්පත් වනු ඇත.

මේද දහනය කිරීමට දහනය වූ කැලරි කොපමණ අවශ්‍යද?

කැලරි 3500ක් දහනය කිරීම මගින් ඔබගේ මේද රාත්තල් වැය වනු ඇත.අප මේහිදී කල ගණනය කිරීම අදාල අගයෙන් කාලාක්වත් පෙන්වනේ නැත.කැලරි දහනය කිරීමට නොහැකි නම් මස් පිඬු වර්ධනය කර ගැනීමේ ඇති වාසිය කුමක්ද?එසේනම් අප මේදය රාත්තල් ගණනින් අඩු කර ගැනීමට වඩා කාර්‍යක්ෂම ක්‍රමයක් විමසා බලමු.


වැඩි කැලරි දහනය කිරීම මගින් මේද දහනය කරමු.

මෙය නම් හැම දෙනාම දන්න කොටස වේ. නමුත් එය කරන්නේ කෙසේද? ඔබ කාඩියෝ ව්‍යායාම කිරීමට කැප විය යුතු වේ. එනම් තීව්‍ර කාඩියෝ ව්‍යායාම මාලාවක් මගින් කැලරි 600ක් පමණ දහනය කල හැක.ඔබගේ මූලික අවශ්‍යතාවය මස් පිඬු වර්ධනය කර ගැනීම නොවේ නම් ඔබ කල යුත්තේ අඩුවෙන් ආහාර ගැනීම මගින් කැලරි අවපාතයක් ඇති කිරීම වේ.

හොඳ කාඩියෝ ව්‍යායාම මාලාවක් හා අඩු කැලරි ආහාර වේලක් එක් කල විට දිනක කැළරි 1200ක් දහනය කල හැක.සිතන්න කැලරි 1200ක්!!!!මෙසේ මෙවන් ව්‍යායාම ව්‍යයාම රටාවකට හුරු වීම තුලින් ඔබටඔබගේ බර බර ඉසිලීමේ ව්‍යායාම වලට වඩා පහසුවෙන් සිදු කර ගත හැක.බර ඉසිලීමේ ව්‍යායාම වලට එහි වෙනත් උපයෝගීතා පැවතියද මේද දහනයට සුදුසු වන්නේ කාඩියෝ වේ.

 

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation