How Long Does Muscle Growth After Exercise?
/
On
/

How Long Does Muscle Growth After Exercise?

/ Read Time 4 mins

ව්‍යායායාම මාලවකට පසුව කොපමන වේලාවක් මස් පිඬු වර්ධනය සිදු වනවාද?

 

ව්‍යායායාම මාලවකට පසුව කොපමන වේලාවක් මස් පිඬු වර්ධනය සිදු වනවාද?

පේශී අතිභරණය (Muscle overload)",එය වැලැක්විය යුතු රෝගයක් සේ  පෙනුනද ඔබ ව්‍යායාම කිරීමෙන් බලාපොරොත්තු වන දෙය මෙයයි.පේශී අතිභරණ්ය යනු පවතින පේශී සෛල වල ප්‍රමාණය හා ස්කන්ධය වැඩි වීම වේ.මෙය ප්‍රතිරෝධ මට්ටම,තීව්‍රතාවය,ව්‍යායාම සංක්‍යාතය හා ව්‍යායාම වලින් පසු අලුත්වැඩියා කාලය මත රඳා පවතින සංකීර්ණ ක්‍රියාවලියකි.ව්‍යායාම අතරතුර හා ව්‍යායාම වලට පසුව මස් පිඬු වර්ධනය ආරම්භ වේ.නමුත් යථා තත්වයට පත් වීමට යම් කාලයක් අවශ්‍ය වේ,එසේ නොලැබුනහොත් මස් පිඬු දුබල වීම සිදු වනු ඇත.


මස් පිඬු වර්ධනය වේගවත් කරන වෙනස් කම් ඔබගේ පැය 2-ක ව්‍යායාම මාලාව තුලදී ආරම්භ වන අතර එය පැය 24 ක්දක්වා බලපවත්වයි.බලපවත්වන වේලාව ඔබගේ ව්‍යායාම මාලාවේ තීව්‍රතාවය,කාල පරාසය හා ක්ෂුද්‍ර ඉරීම ප්‍රමාණය මත තීරණය වේ.


වර්ධන ක්‍රියාවලියේදී ව්‍යායාම මාලාවකට පසු පේශී ප්‍රෝටීන සංස්ලේශනය වීම  ඉතා වැදගත් වේ.මස් පිඬු වර්ධනය වන්නේ මස් පිඬු ප්‍රෝටීන සංලේශනය ප්‍රෝටීන බිඳී යෑමට වඩා වේගවත් වූ විට පමණි.එනම් ඔබ ව්‍යායාම කරන විටදී අදාල ආතතිය නිසා ඔබගේ පේශී තන්තු ප්‍රෝටීන බිඳී යෑම වේගයෙන් සිදු වේ.කෙසේ වෙතත් මස් පිඬු වලට යථා තත්වයට පත් විය හැක්කේ මෙම සෛලීය ක්‍රියාවලියේදී ඇති වන කවුළු කාලයේදී සිරුරට නව ප්‍රෝටීන ලබා දුනහොත් පමණි.


 


එක් ව්‍යායාම මාලාවකින්ම ඔබගේ ප්‍රෝටීන සංස්ලේශනය වැඩි කල හැකි වුවද ඔබ දිගින් දිගටම ව්‍යායාම නොකලහොත් ඔබට හොඳ ප්‍රථොපලයක් ලබා ගත  නොහැක.ව්‍යායාම මාලාවේ තීව්‍රතාවය හා සංක්‍යාතය සේම අලුත්වැඩියාවට ලබා දෙන කාලය ඉතා වැදගත් වේ.ඔබගේ ව්‍යායාම මාලවෙන් පැය දෙකක් ඇතුලත ප්‍රෝටීන බහුල පානයක් පානය කරන්න.එක් දිගට දින දෙකක් එකම පේශී කාණ්ඩයට ව්‍යායාම කිරීම සිදු නොකරන්න.එක් පේශී කාණ්ඩයක් සඳහා යථා තත්වයට පත් වීමට දිනක කාලයක් ප්‍රමාණවත් වේ.


ඔබ වර්ධනය කර ගැනීමට උත්සහ කරන කංකාල පේශී හැඩගැසීමේ විශාල ධාරිතාවයක් දක්වයි.නමුත් එම වර්ධනය වර්ධන සානුමය තත්වයට[තවදුරතත් වර්ධනය නොවීම] පත් විය හැක.මෙය ඔසවන බර වැඩි කර ඔසවන වාර ගනන අඩු කිරීම මගින් පහසුවෙන් වලකාගත හැක.ඔබගේ ව්‍යායාම මාලාව එක විටම අවසන් කිරීම කරන්න එපා,එහිදී ඔබ මස් පිඬු වර්ධනයට කල සියලු කැපකිරීම නාස්ති වන අතර අනෙක් ව්‍යායාම මාලවේදී අධි-පුහුණු මට්ටමට පත් වීමට හේතු වේ.


ඔබ මස් පිඬු වර්ධනයට නවකයෙක් නම් ඔබගේ මස් පිඬු වේගයෙන් වර්ධනය වනු ඇත.නිවැරදි ක්‍රමය,එකාකාරී පුහුණුව හා ආහාර රටාව මස් පිඬු වර්ධනය වීමට තදින්ම බලපාන සාධක වේ.කාලයක් පුරාවට හොඳින් කැපවී ව්‍යායාම කිරීම මගින් ගුණාත්මක හා හොඳ මස් පිඬු වර්ධනයක් ලබා ගත හැක.
 

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: