REPS-වේගයෙන්ද? සෙමෙන්ද?
/
On
/
In

REPS-වේගයෙන්ද? සෙමෙන්ද?

In
/ Read Time 4 mins

 REPS-වේගයෙන්ද? සෙමෙන්ද?



 

තමන් බර එසවීමේ වේගය සෙමෙන්ද,වේගයෙන්ද කුමක්දැයි නොදැනම බොහෝදෙනා එසවීමේහි නිරතව සිටී.ඔබ ඔබගේ එසවීම් කල යුත්තේ කුමන වේගයකින්ද යන්න දැනගැනීම මස් පිඬු වර්ධනයේ වැදගත්ම පැතිකඩකි.

 

වේගයෙන් එසවීමද සෙමෙන් එසවීඉමද වඩා හොඳ?

එකක්වත් එකකට වඩා හොඳ නැහැ,කිමද එම දෙක මගින් වෙනස් ප්‍රථිපල ලබා දීම වේ.සැබෑ පැනය වන්නේ,කුමන මස් පිඬු වලට කුමන වේගය සුදුසුද යන්නයි?

පිලිතුර සොයා ගැනීමට පෙර අප වේගයෙන් හා සෙමෙන් ව්‍යායාමය කිරීමේදි මස් පිඬු වලට සිදු වන්නේ කුමද යන්න විමසා බලමු.

 REPS  සෙමෙන් කිරීමදී වේගයෙන් කරනවාට වඩා  වැඩි ආතතියක් මස් පිඬු වලට එල්ල වේ.වැඩි පේශී ආතතිය වැඩි පේශී විශාලත්වයක් ලබා දේ.එසේනම් ඔබට අවශ්‍ය වන්නේ මස් පිඬු විශාල කර ගැනීම නම් ඔබ අනුගමනය කල යුත්තේ සෙමෙන් කරන රිද්මයයි.


මේසේ REPS අඩු වේගයකින් කිරීමදී ඔබ දැනගත යුතු කරුණු වන්නේ

  1. සෑම විටම බර පහලට ගෙන එන වේගය ඉහළට ගෙන ආ වේගයට වඩා අඩු විය යුතුය.
  2.  එක් ..එකක් තප්පර 5ක්-10ක් පමණ විය යුතුය.
  3.  සෑමවිටම ඉහලට එසවීමේදී හුස්ම පිට කිරීමටත්,පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමටද වගබලා ගන්න.


වේග රිද්මයට ව්‍යායාමය කිරීමේදී සෙමෙන් කිරීමේදීට වඩා අඩු පේශී ආත්තියක් දැනේ.මෙම ක්‍රම ඔබට ඉතා වැඩි බරවල් එසවීමට හැකි වේ. වැඩි බරවල් වලින් වැඩි REPS ගණනක් කිරීම මගින් ඔබගේ මස් පිඬු නිකන් විශාල වනවා වෙනුවට ඉතා විශාල ශක්තියක් හා බලයක් ලබා ගැනේ.

වේගයෙන් ව්‍යායාම කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු වන්නේ


 

  1.  වේගයෙන් කලද ව්‍යායාම ඉරියව්ව වැරදි ආකාරයෙන් වේගයකින් නොකල යුතුය.
  2.  සෑමවිටම ඉහලට එසවීමේදී හුස්ම පිට කිරීමටත්,පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමටද වගබලා ගන්න.

 

ඔබට ඉහත දෙයාකාරයේම ප්‍රථිපල අවශ්‍ය නම් ඔබ මධ්‍යස්ථ වේගයකින් ව්‍යායාමය කල යුතු වේ.ඔබ ඉහත කුමන ආකාරයක් අනුගමනය කලද ගැටළුවක් නැත,නමුත් ඔබට අවශ්‍ය කරන ඉලක්කය කුමක්ද යන්න සිහි තබා ගන්න.

 

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: