ක්‍රියටීන් ( creatine protein ) යනු කුමක්ද? මෙම අති සුපිරි සප්ලිමන්ට් එක ගැන දැනගන්න. - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Thursday, October 7, 2021

ක්‍රියටීන් ( creatine protein ) යනු කුමක්ද? මෙම අති සුපිරි සප්ලිමන්ට් එක ගැන දැනගන්න.

ක්‍රියටීන් යනු කුමක්ද? ( Creatine protein )
මෙම අති සුපිරි සප්ලිමන්ට් එක ගැන දැනගන්න.

 


ඔබ සාර්ථක කායවර්ධකයෙක්ගෙන් හෝ  ක්‍රීඩකයෙක්ගෙනොවුන්ගේ අනිවාර්ය සප්ලිමන්ට්‍ර එක කුමක්දැයි ඇසුවහොත්  ඔවුන් ක්‍රියටීන් මොනොහයිඩ්‍රේට් ලෙස නොකිවහොත් එය පුදුමයට කරුණක්. හේතුව වෙලඳපොල ආක්‍රමණ්ය කල දා පටන්ම ඉතා ඉහළ ඉල්ලුමක් ඇති වැඩියෙන් අලවි වන සප්ලිමන්ට් එක එය වීමයි. සියල්ලටම පසු සාර්ථක ක්‍රීඩකයෙක් වීම හෝ හොඳ හැඩයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රථිපලයි. ක්‍රියටීන් මොනොහයිඩ්‍රේට් වලින් ලබා දෙන ප්‍රථිපල ගැන කතා වන නිසා අප මෙම ක්‍රියටින් සප්ලිමන්ට් එක කුමක්ද, එය ක්‍රියා කරන්නේ කෙසේද යන්න විමසා බලමු.


ක්‍රියටීන් ස්වභාවිකයි.


 

ඔබගේ සිරුර ස්වභාවිකව ක්‍රියටීන් නිපදවන අතර එසේ ස්වභාවිකව නිපදවන ක්‍රියටීන් රහිතව ඔබට කිසිඳු කාර්යයක් කල නොහැක.එයට හේතුව වන්නේ මෙම ක්‍රියටීන් මගින් බර ඉසිලීම වැනි තීව්‍ර කායික ක්‍රියාකාරකම් කිරීමට අවශ්‍ය වන ATP නිපදවීමට දායක වීම වේ.වෙනත් වචන වලින් කිවහොත් ක්‍රියටීන් යනු ඔබගේ සිරුරේ ශක්ති මූලශ්‍ර වල මූලිකාංගය වේ.

 නමුත් දුක්බර කාරණය වන්නේ ඔබගේ සිරුර සතුව සිමාසහිත ක්‍රියටීන් සංචිතයක් පැවතීම වන අතර එය අවසන් වූ පසු ඔබට උපරිම ශක්තියෙන් ක්‍රියා කල නොහැක.මෙය සප්ලිමන්ට් එකක් ලෙස ලබා ගැනීමේදී ඔබගේ දේහයට විශාල ක්‍රියටීන් සංචිතයක් ලැබෙන අතර ව්‍යායාම මාලාවන් සඳහා විශාල ශක්තියක් උත්පාදනය කල හැක.එනම් ක්‍රියටීන් ලබා ගැනීම මගින් ඔබට දිගු වේලාවක් වැඩි තීව්‍රතාවයකින් ව්‍යායාම කල හකි වීම යන්න වන අතර එනම් අවසනයේදී වැඩි මස් පිඬු ප්‍රමාණයක් වර්ධනය කර ගැනීම වේ.

 

ක්‍රියටීන් සමඟ pump  වන්න,

ඔබ කවදා හරි හොඳින් pump වන ව්‍යායාම මාලාවක් කර ඇත්නම්,ඔබ දන්නවා ඇති මස් පිඬු වර්ධනයට හා ශක්ති වර්ධනයට එවන් ව්‍යායාම කෙතරම් වැදගත්ද යන්න ගැන. pump වීමේදී පේශී තුලට ජලය හා රුධිරය අධිකව ඇතුලු වේ.මෙම ක්‍රියටීන් මගින් මස් පිඬු තුලට ජලය ඇද ගැනීම තීව්‍ර කරන අතර එමගින් ඉතා විශාල pump එකක් ලබා දේ.මෙසේ pump මට්ටමක සිට ව්‍යායාම කිරීමේදී මස් පිඬු හැඩගැසීමට හා  වර්ධනයට යොමු කෙරේ. ක්‍රියටින් මස් පිඬු  විශාලව වර්ධනය කර ශක්තිය කරන එක් ආකාරයක් ලෙස මෙම සජලන ක්‍රියාව දැක්විය හැක.


වැඩිපුර ක්‍රියටීන් ලබා ගැනීම.

ඔබ දුටු පරිදි ක්‍රියටින්න් යනු වැඩකරන සප්ලිමන්ට් එකක් වන අතර එය වැඩිපුර ලබා ගැනිමෙන් ඔබට වඩා විශාල හා ශක්තිමත් මස් පිඬු ලබා ගත හැක.වැඩිපුර ක්‍රියටීන් මොනොහයිඩ්‍රේට ලබා ගැනිමට රතු පැහැති මාංශ රාත්තල් ගණනින් ආහාරයට ගත යුතුය.නමුත් අමතර ක්‍රියටීන් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මස් රාත්තලක් අනුභව කිරීම ඔබට කල නොහැකිය.එ වෙනුවට ඔබට ක්‍රියටීන් මොනොහයිඩ්‍රෙට් සප්ප්ලිමන්ට් එකක් ලබා ගත හැක.

ආරම්භයේ දීනක ග්‍රෑම් 20-50 පමණ සතියක් ගත යුතුය. ඉන් පසු maintenance dose එක තෙක් ගෙන දිනකට ග්‍රෑම් 5-20 ක් ලබා ගැනීම වඩා හොඳය. ක්‍රියටීන් මොනොහයිඩ්‍රේට යනු ඉතා කාර්‍යක්ෂම  සප්ලිමන්ට්  එකක් වන අතර ඔබට පෙර නොවූ විරූ වේගයෙන් මස් පිඬු වර්ධනය වනු දැකිය හැක.


No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation