ඔබේ ආහාරයට බිත්තර එක් කරගත හැකි ආකාර 6 ක්...
/
On
/
In

ඔබේ ආහාරයට බිත්තර එක් කරගත හැකි ආකාර 6 ක්...

In
/ Read Time 4 mins

 ඔබේ ආහාරයට බිත්තර එක් කරගත හැකි
ආකාර 6 ක්...

 


 

ප්‍රවීණ කායවර්ධකයින් ගේ ආහාර වේල්  වල ප්‍රධාන වශයෙන්ම අඩංගු ආහාරයක් වන්නේ බිත්තරය .

ඔබ හොඳ පළපුරුදු කෝකියෙකු වීමට අවශ්‍ය නැත. පහතින් දක්වා ඇත්තේ ඔබගේ පේශීන්ට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීම සදහා වැදගත් වන බිත්තර පිසීමට හැකි ක්‍රම කිහිපයකි .

1. බිත්තර බැදීම .

මෙය ඉතාමත්ම රසවත් වන නමුත්, එකවර බිත්තර 8-12 ක් පමණ ආහාරයට ගන්නා අයට තරමක් අපහසු ක්‍රමයකි . ටෝස්ට් සමග බිත්තර බැද ආහාරයට ගැනීම ඉතාමත්ම රසවත්ය.

 

2. ඕට්ස් සමග

මෙය ඇසූ විට අප්‍රිය බවක් දැනුනද, බොහෝ කායවර්ධකයින් scramble කරන ලද බිත්තර සමග ඕට්ස් පිස ගනියි. මෙයට කෙට්චප් එක් කර ආහාරයට ගැනීමට පුලුවන .

 

3. හොදින් තම්බාගැනීම.

පහසුවෙන් සාදා ගත හැකි අතර ඔබට අවශ්‍ය ප්‍රෝටීන් හා මේදය ලබා ගැනීමට බිත්තර තම්බා ආහාරයට ගත හැකිය. මේදය හා කොලෙස්ටෙරෝල් පිළිබඳව ඔබ වඩාත් සැළකිලිමත් වනවානම්, කහ මදය ඉවත් කර ආහාරයට ගත හැකිය.

 

4. මද ගින්නේ තම්බා ගැනීම.

 ඉක්මනින් සාදා ගත හැකි අතර, ඉතාමත්ම රසවත් හා ගුණදායක වේ .

 

5. බිත්තර සලාද ලෙස

බිත්තර තම්බා කැබලි වලට කපා මේද රහිත මයෝනයිස් , එළවළු සමග ආහාරයට ගත හැකිය . බිත්තර වැඩිපුර ආහාරයට ගැනීමෙන් කුසගිනි දැනීමද පමා වේ.


6. ස්ක්‍රැම්බල් කර ආහාරයට ගැනීම

පෑන් එකක බිත්තර බැදෙන්නට හැර මිශ්‍ර කිරීම මෙහිදී සිදු කරනු ලබයි. මෙය ඉතාමත්ම පහසු ක්‍රමයකි . 

දැන් ඔබ බිත්තර සාදා ගන්නා ක්‍රම 6 ක් දන්නා අතර මේ ක්‍රම අත්හදා බලා ඔබේ ආහාර රටාවට විවිධත්වයක් එක් කර ගන්න.


Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: