ව්‍යායාම කිරීමට පෙර මේ දේවල් නොකරන්න.
/
On
/
In

ව්‍යායාම කිරීමට පෙර මේ දේවල් නොකරන්න.

In
/ Read Time 4 mins

ව්‍යායාම කිරීමට පෙර මේ දේවල් නොකරන්න.


 


තීව්‍ර ව්‍යායාම මාලාවක නිරත වන ඔබ ව්‍යායාම කිරීම සදහා සූදානම් විය යුතු ආකාරය පිළිබඳව හොඳින් දැනුවත්ද ?

ව්‍යායාම කිරීම සදහා ජිම් එකට යෑමට පෙර ඔබ නොකළ යුතු දේවල් කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන අතර, එලෙස නොකිරීමෙන් ඔබට ඔබගේ ව්‍යායාම වලින් උපරිම ප්‍රතිලාභ අත් විදීමට හැකියාව ලැබේ.
 

අධික ආතතිය

මානසික ආතතිය යනු අප බොහෝ දෙනාට අත් විදීමට සිදු වන දෙයකි. එහෙත් දිගු කාලීනව පවතින මානසික ආතතිය ශරීරයේ කෝටිසෝල් හෝර්මෝන මට්ටම ඉහළ නංවන අතර ,එය පේශීන් බිද හෙළීමටත් මේදය තැන්පත් වීමටත් හේතු වෙයි. එමනිසා මානසික ආතතිය ඔබ බලාපොරොත්තු වන කායවර්ධන ඉලක්ක කරා යෑමට බාධා ඇති කරයි. එමනිසා අවම වශයෙන් ජිම් එකට යෑමට පැය කිහිපයකට පෙර සිට හෝ සැහැල්ලුවෙන් සිටීම ඉතාමත්ම යෝග්‍ය වේ.
 

අධිකව ආහාර හෝ පෝෂණ අතිරේකයන් ගැනීම.

ව්‍යායාම කිරීමට පෙර ප්‍රමාණවත් තරම් ආහාර ගැනීම කළ යුතු වූවද, පමණ ඉක්මවා ඉස්මුරුත්තාවට එන තුරු ආහාර ගැනීම නොකළ යුතුය. එවිට උදරයට අපහසුතාවක් දැනෙන අතර ඔක්කාරයද ඇති වේ. එමෙන්ම ව්‍යායාම කිරීම සදහා උත්තේජක පමණ ඉක්මවා ගැනීමෙන්ද හෘද ස්පන්දනය අධිකව ඉහළ යාම ,ඔක්කාරය ආදිය ඇති විය හැකි නිසා ඒවාද නියමිත මාත්‍රාව අනුව ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

අනවශ්‍ය ලෙස stretching ව්‍යායාම සිදු කිරීම.

ව්‍යායාම කිරීමට පෙර stretching කළ යුතු බව ඔබත් අසා තිබෙනවාද ? උණුසුම් කිරීමේ (warm up ) ව්‍යායාම වෙනුවට stretching කිරීමෙන් සිදුවන්නේ, පේශීන් සිසිල් වීමත් විවේකී විට හෘද ස්පන්දන වන සීඝ්‍රතාවයෙන් හෘදය ස්පන්දනය වීමත්ය. මෙය ව්‍යායාම කිරීමට සුදුසු නොවේ . එමෙන්ම අනවශ්‍ය ලෙස stretching කිරීමෙන්, පේශීන් ලිහිල් වීමට වඩා තද වීම සිදු වේ. මෙය ආබාධ ඇති වීමට ඇති අවධානම ඉහළ නංවයි.
 

අධිකව ස්වසන ව්‍යායාම (cardio) කිරීම .

කිසිදිනක බර එසවීමට පෙර HIIT cardio ව්‍යායාම නොකරන්න. ඔබට බර එසවීම සදහා අවශ්‍ය වන ග්ලයිකොජන් සංචිත මේ සදහා වැය වන විට ඔබ වෙහෙසට පත් වේ. එවිට වැඩි බරවල් එසවීමට අවශ්‍ය ශක්තිය නොලැබෙන නිසා පේශී වර්ධන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වේ. නමුත් ඔබට මේද දහනය කර ගැනීමට අවශ්‍ය නම් ව්‍යායාම කිරීමට පෙර ස්වසන ව්‍යායාම කිරීම යෝග්‍ය වේ. 



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: