හොඳ උදර ව්‍යායාම මාලාවකට plank එකේ වාසි. Plank Exercise - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Thursday, October 7, 2021

හොඳ උදර ව්‍යායාම මාලාවකට plank එකේ වාසි. Plank Exercise

 හොඳ උදර ව්‍යායාම මාලාවකට plank එකේ වාසි.

උදර ප්‍රදේශය හැඩ කර මස් පිඬු වර්ධනයට විශාල ව්‍යායාම ගණනාවක් තිබේ.situps  හා crunch වල ඔවුන්ගේ ආවේණික වාසි තිබේ,නමුත් උදර ප්‍රදේශයට කල හැකි හොඳම ව්‍යායාම 10න් පලමු තැන හිමි වන්නේ plank එකට වේ.ඔබගේ විවිධ උදර ව්‍යායාම උපකරණ ඉවතට දමා plank එකෙන් ඔබට ඇති වාසි ගැන මෙම ලිපිය කියවන්න.
ප්‍රධාන වාසිය වන්නේ මෙය නිවසේ ,කාර්යාලයේ හෝ ඕනෑම තැනක පහසුවෙන් කල හැකි වීමයි.ඔබට අවශ්‍ය වන්නේ පොලව,මැට් එක හා හොඳ මානසිකත්වයක් පමණයි.මෙය උදරයට,හර පේශී වලට හා පසු ප්‍රදේශයේ පේශී වලට ක්‍රියා කරයි.

plank ව්‍යායාමයේ වාසි.

මෙය නිවසේ ,කාර්යාලයේ හෝ ඕනෑම තැනක පහසුවෙන් කල හැකි වීමයි.ඔබට අවශ්‍ය වන්නේ පොලව,මැට් එක හා හොඳ මානසිකත්වයක් පමණයි.මෙය උදරයට,පසු පසට හා පාද වලට ක්‍රියා කරයි. පෙනෙන ලෙස මෙය කිරීම පහසු සේ සිතුනත් පසුව ඔබට එය එතරම් පහසු නොවන බව වැටහෙනු ඇත.



plank කරන්නේ කෙසේද?

  1. මැට් එක බිම එලා මුහුණ පහතට සිටින සේ දිගා වන්න.
  2.  වැලමිට ආධාරයෙන් සාමාන්‍ය push up එකක ඉරියව්වට එන්න.
  3.  ඉන උකුල පාද ඍජුව තබා ගන්න.උදරය තද කර ගන්න.
  4.  ඔබගේ උකුලට දරා ගත නොහැකි වනතෙක් ඉරියව්වේ සිටින්න.
  5.  විවේකයක් ගෙන යළි ව්‍යායාමය කරන්න.

ඔබ ආධුනිකයෙක් නම් ඔබට ඉරියව්වේ තප්පර 10 ක් සිට විවේක ගත හැක.ඔබ දෛනිකව ව්‍යායාමය කරන විට දී  ඔබට වැඩි වේලාවක් ව්‍යායාම ඉරියව්වේ සිටිය හැක.ඔබට පුහුණුව සමඟ මෙම plank ව්‍යායාමයේ විවිධ ස්වරූපද කල හැකි වේ.එනම් stability ball plank එක,මෙහිදී පේශී වලට වැඩිපුර ආතතිය දැනේ.එසේම oblique පේශී වලට ක්‍රියා කරන side plank එකද කල හැක.

ඔබ මෙම ව්‍යායාමය දෛනික ව්‍යායාම මාලාවට එක් කර ගත යුතු වන අතර මෙම ව්‍යායාමයෙන් පමණක් ඔබ බලාපොරොත්තු වන 6-pack ලබා ගැනීමට නොහැකි වේ. ඒ සඳහා ඔබ අනෙක් උදර ව්‍යායාම,බර ඉසිලීමේ ව්‍යායාම,කාඩියෝ ව්‍යායාම හා නිවැරදි පෝශණයක් සමඟ මෙය මුසු කල යුතුයි.එහිදී ඔබට හොඳ ප්‍රථිපල ඉක්මනින් ලැබෙනු ඇත.

නිගමනය ලෙස මෙම ව්‍යායාමය ඔනේම තැනක කල හැකි වන අතර,මෙය උදර පේශී වලට ක්‍රියා කරමින් හර පේශී වල ශක්තියද වැඩි කරයි.එම නිසා නිකන්ම situps 100 ක් කරන්න එපා,ඔබගේ ව්‍යායාම එකිනෙක මුසු කර අත්හදා බලන්න.




No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation