ව්‍යායාම මාලාවට පෙර ගැනීමට සුදුසු අධි ප්‍රෝටීන ආහාර.
/
On
/
In

ව්‍යායාම මාලාවට පෙර ගැනීමට සුදුසු අධි ප්‍රෝටීන ආහාර.

In
/ Read Time 4 mins

ව්‍යායාම මාලාවට පෙර ගැනීමට
සුදුසු අධි ප්‍රෝටීන ආහාර.


 


 ව්‍යායාම වලට පෙර ප්‍රෝටීන පාන පානය කිරිමෙන් බොහෝදෙනා හෙම්බත් වී ඇති අතර ප්‍රෝටීන සම්පූර්ණ ආහාර ලෙස ලබා ගැනිමට ඔවුන් තීරණය කර තිබේ.

එක් එක් ආකාරයේ ස්මූතීස් හා ප්‍රෝටීන වර්ග සැකසීමෙන් වෙහෙසට පත් වී හා ඒවාට දමන්නේ මොනවාද යන්නට තවත් අදහස් ඉතිරිව නැතිව තිබෙන්නට හැකියි.පාන වර්ග වෙනුවට සම්පූර්ණ ආහාර ගැනීමට ප්‍රිය කරන ඔබට උපරිම ප්‍රථිපල ලබා ගත හැකි හොඳම ප්‍රෝටීන ආහර ගැන විස්තරයක් අප විසින් සපයනවා.ඔබට ව්‍යයාම මාලාවකට පෙර අනිවාරයයෙන්ම අවශ්‍ය වන්නේ වේගයෙන් ජීර්ණය ඉහළ ගුණාත්මක ප්‍රෝටීන වේ.එහි අඩංගු වන ඇමිනෝ අම්ල මගින් මස් පිඬු හානි වීම අවම කර සංවෘතීය අරඹයි.ව්‍යායාම වලින් පැය දෙක් පමණ ආහාර ගැනීමට බලා සිට මස් පිඬු හානි කර ගන්නවාට වඩා මෙය බොහෝ හොඳ විකල්පයකි.

 

වේ ප්‍රෝටීන වලට අමතරව අනෙක් හොඳම විකල්පය වන්නේ බිත්තර සුදුමද  ප්‍රෝටීන වේ.

 

බිත්තර සුදු මද වල වේ ප්‍රොටීන වලට වඩා ඉහල ගුණාත්මයෙන් යුතු ප්‍රෝටීන අඩංගු වන අතර ආහාරයට ගත් විගස ඇමිනෝ අම්ල උච්චායනයක් ඇති කර මස් පිඬු වර්ධනය වැඩි කරයි.මෙහිදී හොඳම ක්‍රමය වන්නේ බිත්තර සුදු මද පමණක් අඩංගු වන ඔම්ලට් එකක් පිලියෙල කර ගැනීම වන අතර බිත්තර කඩ කඩා සිටීම අවශ්‍ය වන්නේ නැති අතර ඕනෑම සුපිරි වෙලඳ සැලකින් සුදු මද පමණක් ලබා ගත හැක.ඔබට එය ව්‍යායාම කිරිමට යන විට ප්ලාස්ටික් බඳුනක බහා රැගෙන යා හැකි අතර නැතහොත් ශීතකරණයේ තබා  පසුව රත් කර ව්‍යායාමයට පෙර ආහාරයට ගත හැක.

 

මස් වර්ග තෝරා ගැනීමේදීද විකල්පයක් තිබේ.සම හා කටු නැති මස්[කුකුළු මස්,කලුකුම් පපු],මාළු සුදුසුය.මේවායේ අඩංගු ප්‍රෝටීන බිත්තර තරම් වේගයෙන් අවශෝශණය නොවුනද හොඳ රසක් හා සුවඳක් පවතී,ඔබට ඒවා බැද හෝ උයා ආහාරයට ගත හැක.

 මස් වර්ග බැදීම නිසා ඒවාගේ සම ඝණ වන අතර ජීර්ණය මදක් අපහසු කරයි.ඔබට කුකුළු මස් පිසීමේදී කුඩා කැබැලි වලට කපාගැනීමෙන් ජීර්ණය වේගවත් කල හැක.එසේම එමගින් සැපීමට පහසු කරන අතර ජීර්ණ එන්සයිම වල කාර්‍යක්ෂමතාව වැඩි කරයි.

 මේද රහිත මස් තෝරා ගැනීම ඉතා වැදගත්ය.මස් වල අඩංගු මේද මගින් ආමාශය හිස් වීම ප්‍රමාද කරන අතර ජීර්ණය පමා කරයි.එනම් ආහාර වල ඇති පෝෂක ජීර්ණය හා අන්ත්‍ර වලට යැවීම ප්‍රමාද කරමින් ව්‍යායාම වල පෙර  ලැබිය යුතු තරම් වේගයෙන් පෝෂක ලැබීම සිදු නොවේ.

 මස් රස කිරීමට තෙල් හෝ බටර් එක් කිරීම වෙනුවට එළවළු,කුළුබඩු හා විවිධ ශාකෞෂධ එක් කල හැක.රතු පැහැති මස් වර්ග ව්‍යායාම වලට පෙර එතරම් සුදුසු නොවේ.සමහර මස් කොටස් වල කැලරි වලින් 60-70% මේද වලින් ලැබෙන අතර ආමාශය තුල බොහෝ වේලාවක් ජීර්ණයට ලක්වන අතර ඔබට කුකුළු මස්,මාළු හෝ බිත්තර තෝරා ගැනීම ඉතා පහසු හා සුදුසුය.

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: