ඔබ දිනකට කෙසෙල් ගෙඩි දෙක බැගින් කෑම ආරම්භ කලහොත් ඔබගේ සිරුරට කුමක් සිදු වේවිද? - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Tuesday, October 5, 2021

ඔබ දිනකට කෙසෙල් ගෙඩි දෙක බැගින් කෑම ආරම්භ කලහොත් ඔබගේ සිරුරට කුමක් සිදු වේවිද?

 ඔබ දිනකට කෙසෙල් ගෙඩි දෙක බැගින් කෑම ආරම්භ කලහොත් ඔබගේ සිරුරට කුමක් සිදු වේවිද?

 


කෙසෙල් වල සිරුරට අවශ්‍ය කරන බොහෝ පෝශක තිබුනද එය අවතක්සේරු කරන ලද පළතුරකි.එයට බොහෝ විට හේතු වී ඇත්තේ නව සිත් වසඟ කරනසුළු පළතුරු වර්ග සෞඛ්‍යමත්ම තේරීම ලෙස අඛණ්ඩව ප්‍රචලිත කිරිම විය හැක.

දිනක ඇපල් ගෙඩි 2 ක් කෑම ඔබව වෛද්‍යවරායගෙන් ඈත් කරනු ලබයි යන කියමන මෙම කෙසෙල් සඳහාද අදාළ වේ.හේතුව මේවා විටමින,ඛණිජ ෆ්‍රක්ටෝස්,සුක්‍රෝස් වැනි ස්වභාවික සීනි වලින් සමන්විත වීමයි.

ආරම්භයේදී කෙසෙල් ලෙල්ල කොල  පැහැති වන අතර දින කිහිපයකදී එය කහ පාට වී එය පුරා දුඹුරු පැහැ පැල්ලම් ඇති වීමට පටන් ගනී.අප ඒට කෙසෙල් නරක් වී ඇති බව සිතා ඒවා විසි කරයි,හේතුව අනෙක් පලතුරු නරක් වන විට දුඹුරු පැහැ වීම වන අතර අනෙක් පලතුරු එසේ වුවද කෙසෙල් එසේ නොවේ,ඒව අඳුරු වන  තරමට එහි TNF වැඩි වේ. 

 

බොහෝ දෙනා TNF යනු කුමක්දැයි අසාවි..
මෙම සංඝටකය පිළිකා සෛල වලට විරුද්ධව සටන් කරන අතර ප්‍රතිශක්තීකරන සෛල අතර සන්නිවේදය කරමින් අසාදිත හා ප්‍රදාහ ස්ථාන වෙත ඒවාගේ පැමිනීම වැඩ් කරනු ලැබේ.ඉදුනු කෙසෙල් වල ඇති මෙම TNF මගින් පිළිකා සෛල වල වර්ධනය හා පැතිරීම වලක්වනු ලැබේ.කෙසෙල් ප්‍රතිඔක්සිකාර වලින් අනූන අතර එය ප්‍රතිශක්තීකරණ පද්ධතිය වර්ධනයට හා සුදු සෛල වැඩි වීමට හේතු වේ.ඔබ මෙතැන් පටන් ඉදුනු කෙසෙල් ගෙඩියක් දැක්කොත් එය විසි නොකර ආහාරයට ගන්න.පහත දැක්වෙන්නේ එයට අනෙක් හේතු වේ.



1. රුධිර පීඩනයට ගුණය.

කෙසෙල් පොටෑසියම් වලින් අනූන අතර දේහ සෝඩියම් මට්ටම අඩු කර අධි රුධිර පීඩනය වලක අතර හදවතටද ගුණදායක වේ.

 

2. ඔබට පපුවේ දැවිල්ල ඇතිනම්..

කෙසෙල් ස්වභාවික ප්‍රති අම්ලකාරකයක් නිසා එක් කෙසෙල් ගෙඩියකට බඩේ දැවිල්ල නැති කල හැක.

 

3. ඇනීමියාව

කෙසෙල් වල යකඩ අඩංගු වන නිසා රුධිරය නිපදවීම වැඩි කරයි.


4. මානසික පීඩනය අඩුකරයි.

කෙසෙල් වල ඇති ට්‍රිප්ටොපෑන් මගින් මානසික අවපීඩනයට එරෙහිව ක්‍රියා කරයි.එය සිරුර තුලදී ඔබව සැහැල්ලු හා සතුටුජනක තත්වයට පත් කරන සෙරටොනින් බවට හැරේ.


5. ඔබට තුවාල පවතී නම්..

ආමාශයේ තුවාල ඔබට බොහෝ ආහාර ගැනීම එපා කරවූවද කෙසෙල් නම් එසේ නොවේ.මෙය ආමාශය ප්‍රබල අම්ල වලින් හානියට ලක් වීම වලකන නිසා ඔබට අවශ්‍ය පමණට කෑමට ගත හැක.


6. මලබද්ධය.

කෙසෙල් වල ආන්ත්‍රික චලන උත්තේජනය කරන තන්තු අඩංගුය.ඔබ මලබද්ධයෙන් පීඩා විඳිනවා නම් කෙසෙල් ආහාරයට ගන්න.


7. ශක්තිය සඳහා.

ඔබට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට ඔබ ව්‍යායාම වලට පැයකට පෙර කෙසෙල් ගෙඩියක් කන්න.එහි ඇතිවිටමින හා ඛණිජ මගින් වැඩි වේලාවක් ව්‍යායාම කිරීමට ඉඩ සලන අතර පොටෑසියම් මගින් මස් පිඬු පෙරලීම වලකයි.අනෙක් වාසිය වන්නේ එයට අඩු ග්ලයිසීමික් අගයක් පැවතීම වේ.


8. උශ්ණත්වය පාලනය කිරීමට.

රස්නේ දවසක හෝ ඔබට උණ පවතින  විට ඇඟ සිසිල් කිරීමට කෙසෙල් ඉතා සුදුසු ස්වභාවික ක්‍රමයකි.

 

9. ස්නායු වලට උපකාරී වේ.

කෙසෙල් වල ඇති අධික විටමින් බී ප්‍රමාණය මගින් රුධිර සීනි මට්ටම පාලනය කර ස්නායු වලට ලිහිල් වීමට ඉඩ දේ.ඔබට ආතතියක් හෝ පීඩනය දැනුන විට කෙසෙල් ගෙඩියක් දෙකක් ආහාරයට ගන්න.

 

 

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation