අඩු ටෙස්ටොටෙරොන් ( testosterone ) මට්ටම ඔබව පීඩාවට පත් කරයිද?
/
On
/
In

අඩු ටෙස්ටොටෙරොන් ( testosterone ) මට්ටම ඔබව පීඩාවට පත් කරයිද?

In
/ Read Time 4 mins

 අඩු ටෙස්ටොටෙරොන් testosterone මට්ටම ඔබව පීඩාවට පත් කරයිද?

 

ලොව පුරා මිලියන 10ක් පමණ පිරිමින් අඩු ටෙස්ටොටෙරොන් මට්ටම නිසා පීඩා විඳින අතර මෙම රෝග ලක්ෂණ බොහෝ විට නොසලකා හැරෙනවා.මෙය අනුමානයට ලක් වන අතර මානසික අවපීඩනයට ලක් වීම,විඩාවට පත් වීම හෝ වයසට යෑම ලෙස වරදවා වටහා ගැනීමද ඉඩ ඇත.සාමන්‍යෙන් අඩු ලිංගික ආශාව හා ක්‍රියාකාරකම් මෙම අඩු ටෙස්ටොටෙරොන් හි සුලබ ලක්ෂණ වුවද එයට අමතරම ඔබ ටෙස්ටොටෙරොන් මට්ටම පරික්ශ කල යුතු තවත් හේතු ඇත.

අඩු ටෙස්ටොස්ටෙරොන් මට්ටමේ රෝග ලක්ෂණ.

  • අඩු ලිංගාශ්‍රිත ක්‍රියාකාරකම්
  •  අඩු ශක්ති මට්ටම් හා විඩාබර බව
  • අඩු මස් පිඬු ප්‍රමාණය
  • වැඩි මේද ප්‍රමාණය
  • අඩු අස්ථි ඛණිජ ඝණත්වය[ඔස්ටියෝපොරෝසිස්]
  •  රෝම හැලීම.
  •  මානසික අවපීඩන තත්වය
  •  අවධානය අඩු වීම


 හේතු-

  1.  මූලික හේතු-වෘෂණ කෝශ ආබාධ,[මෙය සුලබ නොවන අතර තහවුරු වුවහොත්  වහා ප්‍රතිකාර කල යුතුය.]
  2.  ද්වීතීක හේතු-සුලබය,මෙය අතුරුඵලයක් ලෙස ටෙස්ටොස්ටෙරොන් මට්ටම අඩු කර ඖෂධ නිසා ඇති වන තත්වයකි.

පපුවට වඩා බඩ ලොකුද?


සාමන්‍ය බර අයට වඩා අධි බර හෝ ස්තූල අයට මෙම අව ටෙස්ටොස්ටෙරොන් මට්ටමේ රෝග ලක්ෂණ ඇති වීමට ඉඩ දෙගුණයකින් වැඩිය.ඔබගේ උදරයේ හා අභ්‍යන්තර ඉන්ද්‍රීයන් අවට ඇති මේද මගින් ඇරොමැටීකරණය යන ක්‍රියාවලිය මගින් ඊස්ට්‍රජන්  නිපදවීම වැඩි කරයි.වැඩි ඊස්ට්‍රජන් මට්ටම පුරුෂ පියයුරු හා අදු ටෙස්ටොස්ටෙරොන් මට්ටම් ඇති කිරීමට හේතු වේ.මෙම අභ්‍යන්තර මේද වැඩි වීම ආසදන තත්ව හා කුසගින් පාලනය කරන ලෙප්ටින් හෝමෝන ප්‍රතිරෝධය ඇති කරයි.

මෙම සාධක දෙකම ලුටෙයිනීකරණ හෝමොනය මට්ටම අඩු කරමින් ටෙස්ටොස්ටෙරොන් මට්ටම අඩු කරයි.එයින් විශාල උදරයක් ඇති වීම සිදු කරන අතර මෙහි ඇති ච්‍රක්‍රාකාර ස්වභාවය ඔබට පැහදිලි වන්නට ඇත.


ටෙස්ටොස්ටෙරොන් මට්ටම වැඩි කර ගැනීමේ වාසි මොනවාද?

  • ඉන්සූලින් ප්‍රතිචාරය ඉහල යවා ඉන්සූලින් ප්‍රතිරෝධය අවම කරයි.
  • අභ්‍යන්තර මේදය අඩු කරයි.
  • මස් පිඬු ස්කන්ධය වැඩි කර දේහ සංයුතිය වැඩිදියුණු කරයි.
  • හදවත් රෝග අවධානම අඩු කරයි.
  • මානසික තත්වය උසස් කරයි.
  • ශක්ති මට්ටම වැඩි කරයි
  • විඩාව අඩු කරයි.
  • ඍජුව හා වක්‍රව බර අඩු කිරීමට දායක වේ.

 

ප්‍රතිකාරය-

ඔබ ස්වභාවිකවම ටෙස්ටොස්ටෙරොන් මට්ටම වැඩි කරගැනීමට උත්සහ කලද තවමත්  අදල රොග ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඔබ වෛද්‍යවරයෙක් හමුවී ඔබගේ ටෙස්ටොස්ටෙරොන් මට්ටම අඩුදැයි පරීක්ෂා කල යුතුය.එහිදී කෘතීමව එන්නත් මගින් ටෙස්ටොස්ටෙරොන් මට්ටම ඉහළ නංවනු ලැබේ.



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: