ඔබට මේවා සිදු වෙනවා නම් ඔබ ප්‍රෝටීන අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබෙනවා විය හැක.
/
On
/
In

ඔබට මේවා සිදු වෙනවා නම් ඔබ ප්‍රෝටීන අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබෙනවා විය හැක.

In
/ Read Time 4 mins

 ඔබට මේවා සිදු වෙනවා නම් ඔබ ප්‍රෝටීන අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබෙනවා විය හැක.

 


මස් පිඬු වර්ධනයට හා අලුත්වැඩියාවට ප්‍රෝටීන අවශ්‍ය අතර එසේම නිරෝගී හිස කෙස් ,නිය හා සමක් සඳහාද ප්‍රෝටීන වැදගත් වේ.

අප අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන ලබා ගන්න බව දැන ගැනීම තරමක් අපහසු වොය හැකි වුවද,ඔබගේ ආහාර වේලට එක් කල යුතු දේ ගැන සලකුණු කිහිපයක් දැක්වේ.

 

1. දියුණුවක් නොමැති වීම.

ඔබ ඉතා හොඳින් ව්‍යායාම කරනවානම්,එලවලු හා පලතුරු බහුල ආහාර වේලක්ද ගත්තද ඔබට සිරුරේ දියුණුවක් දැකිය නොහැකි නම් එයින් කියවෙන්නේ යමක් අඩු වී ඇති බවයි.මෙම දි‍යුණුව අඩු වීමට හේතුව වන්නේ ප්‍රෝටීන ඌණතාව  විය හක.

*ඔබගේ සිරුර විවිධාකාර ක්‍රියාවලි සඳහා ප්‍රෝටීන සංස්ලේශණය කලද අවාසනාවට මාංශ පේශී ප්‍රෝටීන සංස්ලේශණය එහි මූලීකම තැන නොගනීඔබ ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන ලබා ගන්නේ නැති නම් එහිදී ඔබගේ සිරුර ඔබගේ බයිසෙප් එක වර්ධනය කරනවා වෙනුවට ඔබව සජීවීව තබා ගැනීම සඳහා වෙන යම් තැනක භාවිතා වනු ඇත.

 

2. තුවාල සුව වීම ප්‍රමාද වීම.

සුව වීම ප්‍රමාද වන තුවාල යනු ප්‍රෝටීන ඌණතාවයේ ලක්ෂණයකි.විටමින් ඌණතාවද මෙයට හේතු විය හැකි වුවද මූලිකම හා ප්‍රධානම හේතුව වන්නේ ප්‍රෝටීන ඌණතාවයයි.

*ඔබ සෑම ආහර වේලකදීම ප්‍රෝටීන ලබා නොගන්නවා නම් මෙය වඩ පිලිඹිබු වේ.

 

3. නිරතරයෙන් අනතුරු වලට ලක් වීම.

ව්‍යායාම මාලාවකට පසු අලුත්වැඩියාව මස් පිඬු වර්ධනය සඳහා ඉතාමත්  වැදගත් අතර ඔබ නිතර නිත අනතුරු වලින් පීඩා විදිනවා නම් ඔබගේ ආහාර වේලට වැඩිපුර ප්‍රෝටීන එක් කර ගැනීම ගැන සැලකිය යුතුය.

ප්‍රෝටීන මස්පිඬු වර්ධයේදී ඉතාමත් තීරණාත්මක අංගය වන නිසා ප්‍රමාණවත් ප්‍රෝටීන ලබා නොගන්නා ව්‍යායාම කරුවන් නිතරම අනතුරු වලට ලක් වේ.

*මෙය රහිත සිරුර සිදුවිය යුතු ඉක්මනින් අලුත්වැඩියාව සිදු නොවන අතර අනතුරු වලට බඳුන් වේ.

 


4. නිතර නිතර ලෙඩ වේ.

ක්‍රියාත්මක වීමට ප්‍රෝටීන ලැබීම මත ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය තීරණය වේ.

*ඔබ ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන ල්බා නොගන්නේ නම් ඔබගේ සිරුර තුල බැක්ටීරියා වෛරස් වැනි රෝගකාරක වලින් ඔබ ආරක්ෂා කරන සුදු රුධිර සෛල නිශ්පාදනය අඩු වන අතර විවිධ ආසාදන තත්ව වලට ලක් වේ.

 

5. මස් පිඬු අඩු වේ.

අධික cardio නිසාද මස් පිඬු හානි විය හැකි වුවද ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රෝටීන ඌණතාවයයි.ව්‍යායාම වලට පසුව අලුත්වැඩියාව අනිවාර්‍ය වන අතර ඔබ මස් පිඬු හානි වේ නම් එය ප්‍රෝටීන ඌණතාවයේ ලක්ෂණයයි.
මෙය සිදු වන විට ඔබගේ සිරුරේ මේද ප්‍රතිශතය වැඩි වන දැකිය හැක.

*මෙයට හේතු වන්නේ මස් පිඬු අවම වීමෙන් පරිවෘතීය වේගය අඩු වීම නිසා මේද තැම්පත් වීම ඉකමන් කරනු ලැබේ.අඩු පේශී  යනු අඩු කැලරි අවශ්‍යතාවයක් යන්නයි.

 

6. කෙස් හැලී යාම.

බොහෝ කරුණූ මෙයට හේතු වුවද ප්‍රෝටීන ඌණතාවය ප්‍රධානතම හේතුවක් වේ.මෙයට හේතුව වන්නේ ඌණතා අවස්ථාවේදී හිස කෙස් හා නිය යනු සිරුරේ මූලිකත්වය ලැබෙන කොටස් නොවීමයි.

මෙහිදී සිරුර යැපීමට උත්සහ කරන අතර හිස් කෙස් අත්‍යාවශ්‍ය අංගයක් නොවේ.නාන විටදී වැඩිපුර හිස කෙස් කැඩී යෑම හා නියපොතු බිඳී යෑම ඔබට දැකිය හැක.

*සෑම ආහාර වෙලකටම ප්‍රෝටීන එක් කර ගැනීමටත් ඒවා වාර්තා කිරීමත් තුලින් ඔබට දෛනිකව ප්‍රෝටීන ඉලක්කය කර ලඟා විය හැක.මේවා සඳහා භාවිතා කල හැකි free apps ඕනෑ තරම් ඇත.

*එක් ප්‍රෝටීන මූලාශ්‍රයක් මතම නොයැපෙන්න,විවිධ මූලශ්‍ර වලින් ලබා ගන්න උත්සහ කරන්න.එමගින් විවිධ ඇමිනෝ අම්ල හා විටමින් හා පෝෂක ලැබීම තහවුරු වේ.

 


 

ප්‍රෝටීන ඌණතාව-කරුණු

රුධිර සාම්පල් පරීක්ෂාවක් මගින් කුමන හෝ විටමින් ඛණිජ ඌණ්තාවක් තිබේදැයි පරීක්ෂා කරන්න.ඔබ ඉහත ලක්ෂණ වලින් පෙලෙනවා නම් ඔබට එකකට වඩා වැඩි හේතු ගණනක් එයට බලපා තිබිය හැක.
සම්පූර්ණ ආහර වලින් ප්‍රෝටීන ලබා ගැනීමට අපහසු හා ආහාර පිළියෙල කර ගැනීමට වේලාවක් නොමැති අයට විකල්පයක් ලෙස ප්‍රෝටීන් පෝශ්ණාතිරේක භාවිතා කල හැක.

 

 

 

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: