මේදය දහනය කර ඉක්මනින්ම මස් පිඩු වර්ධනය කරගන්නේ මෙහෙමයි...
/
On
/
In

මේදය දහනය කර ඉක්මනින්ම මස් පිඩු වර්ධනය කරගන්නේ මෙහෙමයි...

In
/ Read Time 4 mins

 මේදය දහනය කර ඉක්මනින්ම මස් පිඩු වර්ධනය කරගන්නේ මෙහෙමයි...

 


මේදය දහනය කිරීම අපහසු කටයුත්තකි . බොහෝ දෙනා මේ සදහා මහන්සි වන නමුත් ,මෙය හරියාකාරව සිදු කරන ආකාරය පිළිබඳව නොදනියි. එමෙන්ම බොහෝ දෙනා නොදත් දෙයක් වන්නේ, අපගේ ශරීරය ස්පොන්ච් එකක් වැනි බවයි .ස්පොන්ච් එකකින් යමක් ලබා ගන්නට නම්, එය මිරිකිය යුතුය . ඔබ ස්පොන්ච් එකක් යොදාගෙන යමක් සෝදා ගැනීමෙන් අනතුරුව එහි ඇති ජලය ඉවත් කිරීමට නම් අනිවාර්යයෙන්ම එය මිරිකා ගත යුතුය. එසේ නොකරන්නේ නම්, එහි ඇති ජලය ඉවත්ව නොයයි. එලෙසින්ම ඔබේ ශරීරයේ ඇති මේදය ඉවත් කිරීමට නම් ඒ වෙනුවෙන් ඔබට බොහෝ මහන්සි විය යුතුය . ඔබ ගත් ආහාර නිසා ශරීරයේ ඇති වූ මේද තැන්පතු, ශරීරය හොඳින් ක්‍රියා කරවීමෙන්ම දහනය කරගත යුතුය . මේ සදහා ඔබ ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඔබ ගන්නා ආහාර මොනවාද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටීම හා ඒවා හොඳින් සටහන් කර ගැනීමයි. 

මෙලෙස තමාගේ ආහාර පිළිබඳව සැළකිලිමත් වීමෙන් පැණි රස ආහාර හා කඩචෝරු ගැනීමෙන් වැළකී සිටීමට පහසු වේ. පැණි රස ආහාර නිසා මේදය තැන්පත් වීම ඉහළ යයි.  ඔබට පැණි රස ආහාර ගැනීමට අවශ්‍යම නම් එය ව්‍යායාම කිරීමට පෙර ලබා ගැනීම වඩාත් සුදුසු වේ.  මේදය දහනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම ,තමා බලාපොරොත්තු වන තරම් බර අඩු නොවූ විට පහසුවෙන් කළකිරීමට පත් වීමද බොහෝ දෙනා අතර දැකිය හැකි දෙයකි.

 


 

සෑම විටම  ඔබට මෙය කරන්නට පුළුවන් කියා සිතිය යුතුය . ඔබගේ උනන්දුව හා කැපවීම උපරිමයෙන්ම පවත්වා ගතහොත් මේද දහනය කිරීම සිතන තරම් අපහසු නොවනු ඇත. සිතන්න ඔබ ඔබගේ ප්‍රියතම හැම්බර්ගර් එක ආහාරයට ගෙන කිසිදු ශාරීරික ක්‍රියාකාරකමක නිරත නොවී රූපවාහිනිය නරඹමින් සිටින බව . මෙහිදී ඔබ ගත් ආහාර වලින් විශාල ප්‍රමාණයක් දහනය නොවී, මේදය ලෙස ශරීරයේ තැන්පත් වීම සිදු වේ. මෙලෙස අක්‍රියව සිටීමෙන් ඉතා පහසුවෙන් ඔබගේ බර සතියකට රාත්තල් ගණනකින් ඉහළ යා හැකිය.

බොහෝ දෙනා අවබෝධය කර ගන්නේ නැති සත්‍යය එයයි. එනම් ඔබගේ මේදය දහනය කර ගැනීමට නම් ඔබ කැපවීමෙන් ව්‍යායාම කළ යුතු වේ. 




Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: