පේශී වර්ධනයේදී සිදු වන මෙම අත්වැරදි වලින් මිදෙන්න..
/
On
/
In

පේශී වර්ධනයේදී සිදු වන මෙම අත්වැරදි වලින් මිදෙන්න..

In
/ Read Time 4 mins

 පේශී වර්ධනයේදී සිදු වන මෙම අත්වැරදි වලින් මිදෙන්න...


 

ඔබගේ මස් පිඩු වර්ධනය නොවේද?

බොහෝ නවකයින් කායවර්ධනයෙහි නිරත වන්නේ මස් පිඩු වර්ධනය පිළිබඳව කිසිදු මූලික අවබෝධයක් නොමැතිවය.  මෙලෙස මාස හයක් හෝ අවුරුද්දක් පුරාවට මස් පිඩු වර්ධනයේ පැහැදිලි වෙනසක් නොදකින ඔවුන් කායවර්ධනය අත් හැර දමයි. 

මෙලෙස කායවර්ධනයට සමු දීමට පෙර, තමා නිවැරදි ව්‍යායාම වැඩසටහනක් හා ආහාර රටාවක් අනුගමනය කළාදැයි සිතා බැලිය යුතුය .

ඔබ පේශී වර්ධනය කිරීමේදී සිදු වන අත්වැරදි  වලින් වැළකී  සිටියාද?
මෙම ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ,  මස් පිඩු වර්ධනය කිරීමේදී ඔබ අතින් සිදු විය හැකි වැරදි කිහිපයක් හා ඒවායෙන් වැළකී සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි ආකාරයත්ය.


ප්‍රමාණවත් තරම් ආහාර නොගැනීම .

 


ඔබ ආහාර ගන්නා ප්‍රමාණය වැඩි කරන විට ශරීරය පහසුවෙන් විශාල වේ. ඔබට මස් පිඩු වර්ධනය කරගැනීමට අවශ්‍ය නම්, දිනකට ආහාර වේල් 3 ක් පමණක් ගැනීම ප්‍රමාණවත් නොවේ. සමහරක් අධ්‍යයන වලට අනුව දිනකට කුඩා ආහාර වේල් කිහිපයක් ලබා ගැනීමෙන් පහසුවෙන් මේදය දහනය කිරීමටත් , මස් පිඩු වර්ධනය කිරීමටත්  හෝ ඔබගේ බර පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ. එය සැබවින්ම ගිනි ගොඩකට එක වර දර නොදමා, ක්‍රම ක්‍රමයෙන් ටික ටික දර දැමීමෙන් ගින්න හොඳින් දැල්වීම හා සමානය .

ඔබ දිනකට ආහාර වේල් අවම වශයෙන් 6 ක් වත් ගත යුතුය. එලෙස කිරීමට වේලාව සොයා ගන්නේ කෙසේද යන්න ඔබට ඇති විය හැකි මීළග ගැටලුවයි. නමුත් ඔබගේ උනන්දුව ඇත්න්ම්, ආහාර  සාදාගැනීමටත් පහසුවෙන්  ඒවා ගබඩා කර තබා ගැනීමටත් හැකියාව ඇත. 

කාබෝහයිඩ්‍රේට , ප්‍රෝටීන , මේද, තන්තු, විටමින් හා ඛනිජ ලවණ    නිවැරදි අනුපාත වලින් අන්තර්ගත කරමින් ආහාර සාදා ගැනීමට ඔබ ඔබගේ නිර්මාණශීලීභාවය භාවිතා කළ යුතුය .

උදාහරණ -

-කළුකුම් මස් හා අර්තාපල් 

-මාළු හා හතු

 

එහෙත් දිනකට ආහාර වේල් 4 කට වඩා ගැනීමට හැකියාවක් නැති අය ප්‍රෝටීන් හා Mass gainer අතිරේකයන් ලබාගැනීම සුදුසුය. ඊට අමතරව BCCA හා ග්ලූටමින් අතිරේකයන්ද ලබා ගත හැකිය.



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: