තිසරණ සහිත පංචසීලය හා එහි ආනිසංස - Panchaseela and Its Spiritual Benefits
/
On
/

තිසරණ සහිත පංචසීලය හා එහි ආනිසංස - Panchaseela and Its Spiritual Benefits

/ Read Time 4 mins

තිසරණ සහිත පංචසීලය හා එහි ආනිසංස


Panchaseela and Its Spiritual Benefits

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි

ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

සංඝං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි


  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ( මම සතුන් මැරීමෙන් වෙන්වීමේ සිල් පදය සමාදන් වෙමි. )
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ( මම සොරකමින් වෙන්වීමේ සිල් පදය සමාදන් වෙමි. )
  3. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ( මම කාමය වරදවා හැසිරීමෙන් වෙන්වීමේ සිල් පදය සමාදන් වෙමි. )
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ( මම බොරුකීමෙන් වෙන්වීමේ සිල් පදය සමාදන් වෙමි. )
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ( මම මදයටත් පමාදයටත් හේතු වන්නාවූ මත්පැන් පානයෙන් වෙන්වීමේ සිල් පදය සමාදන් වෙමි. )

සත්ව ඝාතනයෙන් වැළකී සිටීමෙන්  ආනිසංස 23ක් ලැබේ

  1. ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම.
  2. ජව සම්පත්තියෙන් යුක්ත වීම.
  3. මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම.
  4. රන්වන් පාට සිරුරක් ඇත්තෙකු වීම.
  5. මුදු මොළොක් සිරුරක් ලැබීම.
  6. පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම.
  7. සූර වීර ගුණ ඇති ඇත්තෙකු වීම.
  8. මහා බලවන්තයෙකු වීම.
  9. නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම.
  10. කාටත් ප්‍රිය මනාප පුද්ගලයකු වීම.
  11. පහකල දොස් ඇත්තෙකු වීම.
  12. කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම.
  13. තැහි නොගත් කෙනෙකු වීම.
  14. විනාශ නොකළ හැකි උතුමෙකු වීම.
  15. පර උපක්‍රම වලින් අකල් මරණයට පත් නොවීම.
  16. අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව.
  17. සුරූපී පුද්ගලයෙකු වීම.
  18. මනා සටහන් ඇත්තෙකු වීම.
  19. අල්ප ආබාධ ඇත්තෙකු වීම.
  20. ශෝක නොකරන්නෙකු වීම.
  21. ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම.
  22. දීර්ඝායුෂ ලැබීම.
  23. මනාව පිහිටි අඟ පසඟ ඇත්තෙකු වීම.

සොරකමෙන් වැළකීමෙන් ආනිසංස 11ක් ලැබේ.

  1. මහා ධනවතෙකු වීම.
  2. බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම.
  3. අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම.
  4. නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම.
  5. ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව ඇති අයකු වීම.
  6. කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම.
  7. රාජ, සොර, ගිනි, ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම.
  8. සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම.
  9. ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම.
  10. නැත යන වචනය දන්නෙකුවත් නොවීම.
  11. සැප විහරණ ඇත්තෙකු වීම.

කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ආනිසංස 19 ක් ලැබේ.

  1. සතුරන් නැත්තෙකු වීම.
  2. සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම.
  3. ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම.
  4. සැපසේ නින්ද යාම.
  5. සැපසේ පිබිදීම.
  6. අපාය භය නැත්තෙකු වීම.
  7. නපුංසක, උභතෝඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම.
  8. ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම.
  9. ඒ ඒ දෙය පරීක්ෂා කොට කරන්නෙකු වීම.
  10. කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම).
  11. සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම.
  12. ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹු සැමියන් ලැබීම.
  13. පිරිපුන් ඉඳුරන් ඇති බව.
  14. පිරිපුන් ලක්ෂණ ඇති බව.
  15. සැක නැති පුද්ගලයෙකු වීම.
  16. වැඩි මහන්සියක් නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇති බව.
  17. සැප විහරණ ඇත්තෙකු වීම.
  18. කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම.
  19. ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම.

මුසා බස් නොපැවසීමෙන් ආනිසංස 14ක් ලැබේ.

  1. අතිශයින් ප්‍රසන්න ඉඳුරන් ඇත්තෙකු වීම.
  2. මනා මිහිරි කටහඬක් ඇත්තෙකු වීම.
  3. සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම.
  4. අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම.
  5. අශෝභන වූ කෙට්ටු ශරීර නොලබන්නෙකු වීම.
  6. අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම.
  7. අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම.
  8. සැප ස්පර්ශ ඇත්තෙකු වීම.
  9. දුගඳ නැති මල් සුවඳැති මුඛයක් ඇත්තෙකු වීම.
  10. සුවච කීකරු පරිවාර ජනයා ඇති බව.
  11. විශ්වාස කළ යුතු වචන ඇත්තෙකු වීම.
  12. නෙළුම් පෙත්තක් බඳු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම.
  13. උඩඟු නොවන බව.
  14. චපල අදහස් ක්‍රියා නැත්තෙකු වීම.

මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ආනිසංස 30ක් ලැබේ.


  1. යම් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව.
  2. සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම.
  3. උම්මත්තක නොවී ඉපදීම.
  4. අලස නොවීම.
  5. ඥානවන්තයෙකු වීම.
  6. නොහික්මුණු ක්‍රියා නොකිරීම.
  7. කෙළ තොලු නොවීම.
  8. තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව.
  9. අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම.
  10. මෝහයෙන් මුලා වී කටයුතු කරන්නෙකු නොවීම.
  11. තැති ගැනීම් නැත්තෙකු වීම.
  12. එකට එක නොකිරීම.
  13. ඊර්ෂයා නොකරන බව.
  14. සත්‍ය වචන කතා කරන්නෙකු වීම.
  15. කේළාම්, පරුෂ, හිස් වචන කථා කරන්නෙකු නොවීම.
  16. අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම.
  17. කළගුණ දන්නෙකු වීම.
  18. කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම.
  19. මසුරු මළ ධර්ම නැත්තෙකු වීම.
  20. ත්‍යාග වන්තයෙකු වීම.
  21. මහා සිල්වතෙකු වීම.
  22. ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම.
  23. ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම.
  24. පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම.
  25. පව් කිරීමට බිය ඇත්තෙකු වීම.
  26. සෘජු අදහස් ඇත්තෙකු වීම.
  27. මහා ප්‍රඥාවන්තයෙකු වීම.
  28. මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම.
  29. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම.
  30. අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇති බව.

(පරමත්ථජෝතිකා නම් වූ බුද්දක පාඨට්ඨකතාවෙනි)

පංචසීලය ජීවිතයට ඇතුළත් කරගැනීමට සහ එහි ආනිසංස තේරුම් ගැනීමට මෙම ලිපිය ඔබට මඟ පෙන්වීමක් වේ යැයි විශ්වාස කරමු.

තෙරුවන් සරණයි !




Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: