Bulk කිරීමේදී ඔබ විසින් නොකළ යුතු දේවල් 3 ක්
/
On
/
In

Bulk කිරීමේදී ඔබ විසින් නොකළ යුතු දේවල් 3 ක්

In
/ Read Time 4 mins

Bulk කිරීමේදී ඔබ විසින් නොකළ යුතු දේවල් 3 ක් 

 

bulk කිරීමේදී ඔබ විසින් නොකළ යුතු දේවල් 3 ක්

මස් පිඩු වර්ධනය කරගැනීමට නම් ආහාර ඉතා විශාල ප්‍රමාණයක් ලබාගත යුතු බවට ඔබ බොහෝ දෙනා අසා ඇති.

මෙය අර්ධ වශයෙන්  සත්‍ය උපදෙසක් වේ. එයට හේතුව වන්නේ මෙලෙස අධිකව ආහාර ගැනීමෙන් මස් පිඩු විශාල වීම හා සමගාමීව මේදය තැන්පත් වීම ඉහළ යාමයි. මෙය කෙසග පුද්ගලයින්ට එතරම් බලනොපෑවද,  මේද ප්‍රතිශතය තරමක් ඉහළ අයට එතරම් හිතකර නොවේ.


පහතින් දක්වා ඇත්තේ සාම්ප්‍රදායික bulking ආහාර රටාවක ඇති අනිසි ප්‍රතිඵල 3 ක් හා ඒවායින් වැළකීමට උපදෙස්ය.


අධික මේද හා ලුණු පරිභෝජනය

Bulk කිරීමේදී ඔබ අධිකව කැලරි පරිභෝජනය කරන නමුත්, බොහෝ විට එම කැලරි වල ගුණාත්මකභාවය පිළිබඳව ඔබට අවබෝධයක් නොමැත. එනම්, එම කැලරි සෞඛ්‍යසම්පන්න ආහාර වලින් ගන්නවාද යන්න පිළිබඳව ඔබට අවබෝධයක් තිබිය යුතුය. බොහෝ bulking diets වල අධික සීනි, ලුණු , අහිතකර මේද, ට්‍රාන්ස් මේදය හා කෝන් සිරප් ආදිය අඩංගුය . මේවා හෘද ආබාධ , කොලෙස්ටෙරෝල් වැඩි වීම වැනි රෝග ඇති කිරීමට සමත් නිසා ඔබගේ දිගු කාලීන සෞඛ්‍යයට හිතකර නොවේ.


ඉන්සියුලින් ප්‍රතිරෝධය

බොහෝ විට Bulking diet එකක් මගින් ශරීරයේ මේද තැන්පත් වීම වැඩි වන නිසා, දේහය මගින් ඉන්සියුලින් හෝර්මෝනය සදහා ප්‍රතිරෝධයක් ගොඩ නැගේ. එවිට මස් පිඩු වර්ධනය කිරීම අපහසු වන අතර අප ගන්නා කාබෝහයිඩ්‍රේට මාංශ පේශීන් වලට උරා ගැනීම අවම වී, ඒවා මේද තැන්පතු වල මේදය ලෙස ගබඩා වීම සිදු වේ.


ඉන්සියුලින් ප්‍රතිරෝධය නැවත මුල් තත්වයට පත් කිරීම තරමක් අසීරුය. එය ඇති වූවහොත් තව තවත් තත්වය උග්‍ර වීම සිදුවන අතර, දේහයේ මේදය තැන්පත් වීම තවදුරටත් ඉහළ යාම සිදු වේ.  


 ක්‍රියාකාරීත්වයෙන් අඩු තයිරොයිඩ් ග්‍රන්ථිය

අධිකව මේදය තැන්පත් වීම තයිරොයිඩ් හෝර්මෝන නිෂ්පාදනය කෙරෙහිද අහිතකර ලෙස බලපායි. මෙම හෝර්මෝනය මේද දහන ක්‍රියාවලිය වේගවත් කිරීම සිදු කරන අතර, ඔබ තරබාරු වන තරමට ඉහත හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වයද ක්‍රමයෙන් පහත වැටේ. එවිට තව තවත් මේදය තැන්පත් වීම ඉහළ යයි.


ඉහත අහිතකර ප්‍රතිඵල වලින් වැළකෙන්නේ කෙසේද?


ඔබ ආහාරයට ගන්නා දේවල් වලට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව නොදැනීම මේද තැන්පත් වීමටත්, දිගු කාලීන අහිතකර සෞඛ්‍යමය ප්‍රතිඵල වලටත් හේතු වේ.


මෙය වළක්වා ගැනීමට හැකි ක්‍රමය වන්නේ , අධි කැලරි චක්‍ර ( high calorie bulking cycles)   වලින් වැළකීමයි. එනම්, බොහෝ මහත් වීමේ චක්‍ර ( bulking cycles ) මාස ගණනාවක් පවතියි. එය ඔබගේ ශරීර පරිවෘත්තිය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලැබේ. ඔබගේ bulking cycles සති කිහිපයකට සීමා කිරීම ව්‍යායාම මාලාවට විවිධත්වයක් එක් කරන අතරම මේද තැන්පත් වීමද අවම කරවයි.


එමෙන්ම කාලසටහනකට අනුව ආහාර ගැනීමද සිතන සිතන හැම මොහොතෙම ආහාර ගැනීමෙන් වැළකීමද වැදගත් වේ. ඔබ ආහාරයට ගත යුත්තේ මොනවාද හා කොයි වේලාවේද යන්න මස් පිඩු වර්ධනය වැඩි කිරීමටත්, මේදය තැන්පත් වීම අවම වීමටත් හේතු වේ.


Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: