ස්වභාවිකව මස් පිඩු වර්ධනය වීමට හා මේදය දහනය වීමට කොපමණ කලක් ගත වනවාද? - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Sunday, January 30, 2022

ස්වභාවිකව මස් පිඩු වර්ධනය වීමට හා මේදය දහනය වීමට කොපමණ කලක් ගත වනවාද?

 ස්වභාවිකව මස් පිඩු වර්ධනය වීමට හා මේදය දහනය වීමට කොපමණ කලක් ගත වනවාද?


 


 

පළමුව අපි පෝෂණය හා විශේෂයෙන්ම පෝෂණය හා සම්බන්ද කාල නියමය පිළිබඳව සළකා බලමු.  පිරිමි අය බහුතරයක් හා ගැහැණු අය කිහිපදෙනෙක් ප්‍රෝටීන් පානයක් අතේ රැගෙන ජිම් එක තුළ ඇවිද යනු ඔබ දැක ඇත.
ඔවුන් එසේ කරන්නේ ව්‍යායාම කිරීම අවසාන වී පැය භාගයක් ඇතුළත හොඳ ප්‍රෝටීන වලින් හා කාබෝහයිඩ්‍රේට වලින් මාංශ පේශීන් ට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතු බව දන්නා බැවිනි. මෙම කාලයේදී ඔබේ ශරීරයට පෝෂණය ඉතාමත්ම හොඳින් ලබා දිය යුතු අතර එසේ ලබා දීමට නොහැකි විට ශරීරය වෙනත් තැනකින් එයට අවශ්‍ය පෝෂණය ලබා ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස මාංශ පේශීන් වලින් ප්‍රෝටීන් ලබා ගැනීම සිදුවෙයි.  එය කායවර්ධකයින් වන ඔබ කිසිවිටකත් බලාපොරොත්තු නොවන්නකි.

නැවතත් අපි අපගේ පළමු ප්‍රශ්නය වෙත යොමු වෙමු. මස් පිඩු වර්ධනය වීමට කොතරම් කාලයක් ගත වනවාද?

මාංශ පේශීන් වර්ධනය කර ගැනීමට හා මේදය දහනය පහත සුපිරි උපදෙස් පිළිපදින්න ....


ව්‍යායාම කර පැය භාගයක් ඇතුළත ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ප්‍රෝටීනයක් පානය කරන්න .


එක් වරක් විනාඩි 45 කට වඩා නොවැඩි වන ලෙස සතියකට 3-4 වරක් ව්‍යායාම කරන්න .
ඔබ ගන්නා කාබෝහයිඩ්‍රේට වලින් වැඩි ප්‍රමාණයක්  උදෑසන ආහාරයට ගන්න. කුඩා ප්‍රෝටීන් ස්නැක් එකක් ඉන්පසු කාලයේදී ගන්න. මේද අඩු මස් වර්ගයක් සමග දිවා ආහාරය ගන්න. මෙයට සැලඩ්, එකතු කරගන්න. එළවළු හා ප්‍රෝටීන් ස්නැක් එකක් සවස් කාලයේදී ආහාරයට ගන්න. රාත්‍රී ආහාරයටද ප්‍රෝටීන් සහිත ආහාරයක් එළවළු ද සමගින් ගන්න.
ඊස්ට්‍රජන් නිෂ්පාදනය අවම කිරීමට සිට්‍රස් වැඩිපුර ආහාරයට ගන්න .( ජල්ලිමය ස්වභාවය ලබා දෙන්නේ මෙම හෝර්මෝනයයි.)
බියර් පානයෙන් වළකින්න. එය ඊස්ට්‍රජනික පානයකි.


කැපවීමෙන් යුක්තව මෙම උපදෙස් පිළිපැදීමෙන් ඔබටත් ඉක්මනින්ම මේද අඩු එහෙත් මාංශ පේශීන් වැඩි සිරුරක් ලබා ගත හැකිය.
ස්වභාවිකව මස් පිඩු වර්ධනයට විවිධ සාධක ගණනාවක් බලපාන නමුත් ඉහත සදහන් සරළ දේවල් කිරීමෙන් එය වඩාත් ඉක්මනින් හා කාර්යක්ෂමව කළ හැකිය .

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation