වේ ප්‍රෝටීන WHEY PROTEIN  වල සෞඛ්‍ය ප්‍රතිලාබ 7ක්.
/
On
/
In

වේ ප්‍රෝටීන WHEY PROTEIN වල සෞඛ්‍ය ප්‍රතිලාබ 7ක්.

In
/ Read Time 4 mins

 වේ ප්‍රෝටීන WHEY PROTEIN
වල සෞඛ්‍ය ප්‍රතිලාබ 7ක්.


 

වේ ප්‍රෝටීන අයනු තිව්‍රව ව්‍යායාම කරන අයගේ පලමු හා මූලික තේරීම වේ.නමුත් වේ ප්‍රෝටීන වල විශේශ සෞඛ්‍යමය ප්‍රතිලාබ රැසකි.මස් පිඬු වර්ධනයෙහි ලා වේ ප්‍රෝටීන වල ඇති විශේශ කීර්තිය නිසා එහි අනෙක් වාසි සැඟවී ඇත.අප මෙහිදී වේ ප්‍රෝටීන වල එවන් ප්‍රතිලාබ 7 ක් ගැන සාකච්ඡා කරමු.

බර පාලනය.

මෙම වේ ප්‍රෝටීන ආහාර වේල් ප්‍රතිස්ථාපක ලෙස භාවිතා වෙයි. වේ ප්‍රෝටීන වලට අනෙක් ප්‍රෝටීන වලට සාපෙක්ශව වැඩි කාලයක් ජීර්ණ්යට ගත කරයි.එය අමාශය තුල වැඩි වේලාවක් රැඳී පවතී.එමගින් ආහාර ගැනීමට ඇතිවන කැමැත්ත අඩු වේ.ආමාශය පහසුවෙන් හිස් වන්නේ නැත.මෙය ඔබගේ කැලරි ලබා ගැනීම අවම කිරීමට හේතු වේ.එසේම මෙම වේ ප්‍රෝටීන ඔබගේ පරිවෘතීය ද ඉහල නංවනු ඇත.
 

ඇමිනෝ අම්ල.

ප්‍රෝටීන වල ඇමිනෝ අම්ල අඩංගු වුවද ඒවා වේ ප්‍රෝටීන තරම් කාර්‍යක්ෂම නැත.වේ ප්‍රෝටීන  සියලු අත්‍යාවශ්‍ය ඇමොනෝ අම්ල 9 ම සදී ඇත.මෙම ඇමිනො අම්ල අනෙක් ආහාර මූලාශ්‍ර මගින් ලබා ගත නොහැක.මෙය වේ ප්‍රෝටීන හොඳම ඇමිනෝ අම්ල සම්පාදකයා ලෙස සැලකීමට හේතුව වේ.


BCAA වල බලය.


 

ස්වභාවයේ  BCAA[Branched chain amino acids] 3  ක් ඇත.මේවා ඇමිනො අම්ල ලෙස වඩා වැදගත් වන්නේ මේවා ඉතා ඉක්මනින් උරා ගැනීම වේ.ආහාර මාරගයේ අවශෝශණයේ මධ්‍ය පියවර වලට ලක් නොවන මෙය කෙලින්ම රුධිරයට උරා ගනී.


අඩු කොලෙස්ටෙරොල් මට්ටම.

වේ ප්‍රෝටීන LDL අඩු කරයි.කොලෙස්ටරොල් වර්ග දෙකකි.අධි ඝනත්ව ලිපෝප්‍රෝටීන[HD ] ,හා වැඩි ඝනත්ව ලිපෝප්‍රෝටීන [LDL ] .වැඩි යනු ඔබගේ හදවත් සෞඛ්‍ය හොඳ මට්ටමක පවතින බව හා ..වැඩි යනු එහි අනෙක් පැත්ත වේ.වේ ප්‍රෝටීන රුධිර හොඳ කොලෙස්ටෙරොල් මට්ටම ඉහල නැ\වීමට හා ...මට්ටම අඩු කිරීමට හේතු වේ.
රුධිර පීඩනය.

ldl මගින් අවසානයේදී අධි රුධිර පීඩනය ඇති කරයි.එනම් මෙය රුධිර  නාල අවහිර කරයි,එහිදී එය හදවතට පොම්ප කිරීමට අතිරේක ආතතියක් ලබා දේ.එය සමනය කිරීමට රුධිර පීඩ්නය වැඩිවේ.අධි රුධිර පීඩනය ප්‍රධාන හෘද සනාල ගැටළුව වන අතර මෙයින් පෙලෙන්නන්ගේ එම තත්වය අඩු කිරීමට වේ ප්‍රෝටීන වලට හැකිය.

ප්‍රති-පිළිකා ගුණ.

පරීක්ශණ වලින් පෙනී ඇත්තේ වේ ප්‍රෝටීන මගින් පිලිකා සෛල මත රිනාත්මක බලපෑමක් ඇති කරයි. අසාමාන්‍ය සෛල විභාජනය පිලිකාවට හේතු වේ.

ප්‍රති ඔක්සිකාරක හා ප්‍රතිශක්තිය.

ග්ලුටතයෝන් යනු ස්වභාවයේ හමු වන වඩා කාර්‍යක්ශම ප්‍රතිඔක්සිකාරකය වේ.වේ ප්‍රෝටීන වලින් එය සෛල වල සංස්ලේශණය වීම වැඩි කරයි.එය ප්‍රති ඔක්සිකාරක හා ප්‍රතිශක්තීකරාක ගුණ ඉහල නංවයි. එමගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය සවිමත් කරයි.



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: