සුවිශාල මස් පිඬු වර්ධනයක් සඳහා heavy squats වල වාසි. - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Wednesday, October 20, 2021

සුවිශාල මස් පිඬු වර්ධනයක් සඳහා heavy squats වල වාසි.

 සුවිශාල මස් පිඬු වර්ධනයක් සඳහා
heavy squats වල වාසි.


 


මස් පිඬු වඩා කාර්‍යක්ශමව වර්ධනය කර ගැනීමට ඔබ කල යුත්තේ free weights භාවිතා කිරීම වේ.මෙය භාවිතයේදී ඔබට ඉතා විශාල බරවල් එසවිය හැක.ඔබ මේහිදී මස් පිඬු වලට විශාල ආතතියක් ලබා දෙන නිසා වර්ධනය වඩා විශාල වේ.මෙයින් අදහස් වන්නේ ඔබ ඇටකටු කැඩෙන තෙක් ව්‍යායාම බරවල කල යුතු බව නොවේ.මෙයින් අදහස් වන්නේ මස් පිඬු වලට ආතතියක් ලබා දීමේදී එවා වඩා ශක්තිමත්ව වර්ධනය වී චලනය ආත්තියක් ඇති කිරීම  කරයි.


බාබෙල් බාවිතයේදී එය ඔබගෙ ස්වභාවික චලනය ඉඩ සලසනු ලැබේ.එමගින් ඔබගේ සිරුර අස්වාභාවික චලන වලට  යොමු කරන්නේ නැත.ඊට අමතර බාබෙල් භාවිතා කර ඔබට විවිධාකාර ව්‍යායාම කල හැකි අතර එමගින් ඔබට වඩා කේන්ද්‍රගතව හා උත්ප්‍රෙරණය වී සිටිය හැක.

 

නිවැරදිව barbell squats කිරීම මගින් ඔබට විශාල මස් පිඬු ස්කන්ධයක් වර්ධනය කර ගැනීමට උපකාරී වන අතර එසේම එය පාද සඳහා කල යුතුම ව්‍යායාම ලෙස හැඳින්වේ.එසේම මෙය පාද වල සීමා වන්නේ නැත.ඔබගේ ඉහල සිරුරද මෙම barbell squats මගින් විශාල ප්‍රයෝජනයක් ලබා ගනී.

 


මෙම barbell squats වඩා හොඳින් කිරීම සඳහා හොඳ බලයකට අමතරව හොඳ ශක්ති මට්ටමක්ද පැවතීම අනිවාර්‍ය වේ.මෙම ක්‍රියාවලිය ඔබගේ දෙහයෙන් ඉතා විශාල ලෙස ටෙස්ටොස්ටෙරොන් හා වර්ධක හෝමෝනය ස්‍රාවය කිරීමට හේතු වේ.මධ්‍ය ස්නායු පද්ධතිය උත්තෙජනය වී පිටියුටරියට සඥ්ඥා නිකුත් කරන  අතර මෙම ග්‍රන්තිය මගින් ලුටේනීකාරක හෝමෝනය ස්‍රාවය කරයි.එම හෝමෝන වෘශණ කෝෂ මත ක්‍රියා කර ටෙස්ටොටෙරොන් ස්‍රාවය වැඩි කරනු ලැබේ.මෙම හෝමොන දෙකම සංවෘතීය වන අතර පාද වල පමනක් නොව සිරුරේම මස් පිඬු වර්ධනයට මනා දායකත්වයක් සපයයි.මස් පිඬු වර්ධනය ගැන සිතන ඕනෑම කෙනෙක් කල යුතුම ව්‍යායාමයකි මෙම barbell squats.මෙහිදී චලනයට එක් පේශියකට වඩා දායක වේ.

 

මෙහි රහස වන්නේ මෙය එකාකාරව කිරීම වේ.අප සිදු කරන සියලු දේ ,එනම් පිබිදීම,ආහාර ගැනීම වැනි දේ, අප කරන්නේ එකාකාර රටාවකට බව පරීක්ශණ මගින් තහවුරු වී ඇත.මෙය විශේශයෙන්ම ව්‍යායාම කිරීමට ඉතා වැදගත් වේ.මෙම ව්‍යායාම මාලාවේ පදනම නම් දෛනික ව්‍යායාම මාලව තුල එකාකාරව barbell squats කිරීම වේ.මෙම barbell squats වල සාර්ථකත්වය ඔබගේ ව්‍යායාම මාලාවේ අනෙක් ව්‍යායාම කෙසේ කරන්නේද යන්න තීරණය කරයි.උදාහරණයක් ලෙස ඔබ සති කිහිපයක් එකදිගට barbell squats කලහොත් ඔබට ඔබගේ bench press එක වඩා වැඩි බරකින් කල හැකි බව පෙනී යන්නේ එමගින් මුලු සිරුරටම වාසි ලබා දී ඇති බැවිනි.ඔබගේ සිරුරට අනවශ්‍ය ආතතියක් ලැබෙන බව හැඟුනොත් ඔබ දෛනිකව barbell squats කිරීම නවතා දිනක් හැර දිනක් barbell squats කරන්න.මෙහිදී ඔබගේ ශක්තිය ඉතුරු වන අතර හානි වූ මස් පිඬු වඩා හොඳින් යථා තත්වයට පත් වීමටද කාලය  ලබා දේ.ඔබට ගැලපෙන දෙය සිදු කරන්න.

 


 

barbell squats කිරීමේදී විනාඩි 10-15 ට පෙර කෝපී පානය කිරීම කරයි.එහිදී කෝපී pre-workout එකක් සේ ක්‍රියා කරයි.කෝපි වල ඇති කැෆේන් වලින් ඔබට හොඳ කෙන්ද්‍රගත  මනසක් සේම දිගු වේලාවක් ව්‍යායාම කිරීමට හැකියාවද ලබා දේ.කැෆේන් වල උපරිම ප්‍රථිපල ලබා ගැනීමට චක්‍රීය ක්‍රමයක් අනුගමනය කරන්න.නමුත් එය රහිතව ව්‍යායාම කිරීමට නොහැකි වන තත්වයට පත් වෙමින් එයට ඇබ්බැහි වන්න නම් එපා. barbell squats කිරීමෙදී විශාල ශක්ති ප්‍රමාණයක් හා කාය ශක්තියක් අවශ්‍ය වන නිසා හොඳ දරා ගැනීමේ හැකියාවක් අනිවාර්ය වේ.මෙම quads,glutes,hamstrings මූලිකව සක්‍රීය කරන අතර එපමණක් නොව සමබරතාවය හා ස්ථාවර භාවය ඇති කර ගැනීමට මුලු දේහයේම පේශී සක්‍රීය කරයි.


barbell squats වල උපරිම ඵල නෙලා ගැනීමට  බාබෙල් එකට බරක් දමා ව්‍යායාමය කරන්න.ඔබට අභියෝග කරන නමුත් ඔබව අපහසු බරක් යොදා ගැනීම සුදුසුයි.ඉහල ,මධ්‍යස්ත හෝ පහල බරවල් ඔබට තෝරා ගත හැක.




No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation