කායවර්ධනය සදහා කේසීන් පෝෂණ අතිරේකයන් - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Wednesday, October 13, 2021

කායවර්ධනය සදහා කේසීන් පෝෂණ අතිරේකයන්

 කායවර්ධනය සදහා කේසීන් පෝෂණ අතිරේකයන්



බොහෝ දෙනා උත්සාහ කරන්නේ තම පේශීන් තව තවත් විශාල හා ශක්තිමත් කර ගැනීමටය. කායවර්ධනය අප සිතන පරිදි මීට අවුරුදු සියයකට පමණ මත්තෙන් ආරම්භ වූවක් නොවේ. එය මීට අවුරුදු දහස් ගණනකට පෙර සිට පැවතෙන්නකි.  එදා සිට අද දක්වා මිනිසුන් විවිධ ආහාර හා ව්‍යායාම අත් හදා බලමින් තම කායවර්ධන ඉලක්ක සපුරා ගැනීමට වෙහෙසෙන ලදි.වර්තමානයේ මෙන්ම අතීතයේද පේශීන් ශක්තිමත් හා විශාල කරගැනීමට වෙහෙසුනු පිරිසක් සිටින ලදි.

එදා මෙන් නොව වර්තමානයේදී පේශී වර්ධනයට ඉවහල් වන ආහාර රැසක් අප අතර ඇත. එමෙන්ම විද්‍යාවේ දියුණුවත් සමග කායවර්ධනය සදහා ගත යුතු ආහාර මොනවාද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් අප කාහටත් පහසුවෙන් ලබා ගත හැකිය. එමෙන්ම මේ සදහා අවශ්‍ය වන ගුණාත්මකභාවයෙන් ඉහළ කේසින් ප්‍රොටීනය අපට පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. මේද දහනය කිරීම හෝ පේශී වර්ධනය කිරීම සදහා අවශ්‍ය කරන දැනුම මෙන්ම ඒ සදහා අවශ්‍ය ආහාර අප දැන් දන්නා බැවින් එය එතරම් අපහසු දෙයක් නොවේ.
පේශී වර්ධනයට ප්‍රෝටීන් බහුලව ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. ඔබගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාගැනීමට හොඳම පෝෂණ අතිරේකයන් අතර මුල් ස්ථානය කේසීන් හට හිමි වේ.

 

කේසීන් ලබා ගන්නේ කෙසේද ?

බොහෝ දෙනා පෝෂණ අතිරේකයන් ලබා ගත්තද ඒවා නිපදවන ආකාරය පිළිබඳව සොයා බලන්නේ නැත. කේසීන් හා වේ ප්‍රෝටීන් යන දෙකම සම්පූර්ණ යොදය සහිත කිරි වලින් නිපදවනු ලබයි . මෙහිදී කිරි රත් කිරීමකට ලක් කර එහි අඩංගු කිරි ප්‍රෝටීනය වන කේසීන් වෙන් කර ගනු ලබයි. එහිදී කිරි වල අඩංගු කැල්සියම් වැනි අනෙකුත් පෝෂක කිරි වලින් වෙන්වී යන අතර ඒවා පෙරා ඉවත් කරනු ලැබේ. ඉන්පසුව කේසීන් පවුඩර්   එකක් බවට පත් කරනු ලබයි. මෙම පවුඩර් එක පෝෂණ අතිරේකයන් නිපදවීම සදහා භාවිතා කරනු ලබයි. කේසීන් හා වේ ප්‍රෝටීන් දෙකම කිරි වලින් නිපදවූවත් ඒවාගේ ජීවවිද්‍යාත්මක ගුණ එකිනෙකින් වෙනස් වේ.


කේසීන් හා වේ ප්‍රෝටීන් ( whey protein ) අතරින් වඩාත්ම හොඳ මොනවාද ?


 

පසුගිය දශකය පුරාවට පෝෂණ අතිරේකයන් අතර ප්‍රමුඛතාව හිමි වූයේ වේ ප්‍රොටීන් වලටය. සත්‍ය වශයෙන්ම පේශී වර්ධනයට වේ ප්‍රෝටීන් ඔබගේ ආහාරයට එක් කර ගැනීම ඉතාමත්ම වැදගත් වේ. නමුත් දවස පුරා හොඳින් පේශීන් වර්ධනය කිරීමට කේසීන් ඉතාමත්ම වැදගත් වේ. 

බොහෝ කලක පටන් වේ ප්‍රොටීන් වල ගුණ අප අසන නිසා බොහෝ අය වේ ප්‍රෝටීන් වලට පමණක් සීමා වී සිටියි. එහෙත් වේ ප්‍රෝටීන් වලින්  නොලැබෙන ප්‍රතිලාභ කේසින් ලබා ගැනීමෙන් අත් කරගත හැකිය. එමනිසා ඔබ කේසීන් ද ලබා ගැනීමට වග බලා ගත යුතුය .

 

කේසීන් ලබාගැනීමේ වාසි

වේ ප්‍රෝටීන් වලට සාපේක්ෂව කේසීන් වල ජීව විද්‍යාත්මක අගය අඩුය. එනමුත් කේසීන් වල අවශ්‍යතාව අවතක්සේරු කළ නොහැකිය . තීව්‍ර ව්‍යායාම මාලාවකට පසුව බිද වැටුණු පේශීන් අලුත් වැඩියා කිරීමට ඉක්මනින් අවශෝෂණය වන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වන ප්‍රෝටීනයක් අවශ්‍ය වේ. වේ ප්‍රොටීන් මේ අවස්ථාවේදී ඔබට  ගත හැකි වේ. මන්ද වේ ප්‍රෝටීන් ඉතාමත්ම ඉක්මනින් ශරීරයට අවශෝෂණය වන බැවිනි. එහෙත් ඔබගේ පේශී අලුත්වැඩියා වීම එතකින් නිමා නොවේ . එය දවස පුරාවටම සිදු වන්නකි. කේසීන් සෙමින් ජීරණය වෙමින් සෙමින් ශරීරයට අවශෝෂණය වන ප්‍රෝටීනයක් වේ. එමනිසා ව්‍යායාම කිරීමෙන් අනතුරුව ලබා ගන්නා වේ ප්‍රෝටීන් තම කාර්යය අවසන් කිරීමෙන් පසුව දවස පුරාවට පේශීන් වර්ධනය කිරීමට අවශ්‍ය පෝෂණය ලබා දීමට කේසීන් ලබා ගැනීම වැදගත් වේ.

කේසීන් වල බහුලව අඩංගු වන ඇමයිනෝ අම්ලයක් ලෙස ග්ලූටමින් දැක්විය හැකිය. මෙය අනෙකුත් ප්‍රෝටීන් වලද අන්තර්ගත වන නමුත් කේසීන් වල වැඩිපුර අඩංගු වේ. ග්ලූටමින් පේශීන්  බිද වැටීමෙන් ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම දායක වේ. එමනිසා කේසීන් ලබා ගැනීමෙන් පහසුවෙන් පේශීන් වර්ධනය කිරීමට හැකියාව ලැබේ.

 

හොඳම පෝෂණ අතිරේකය සොයා ගැනීම.

මිනිසුන් ව්‍යායාම හා ආහාර මගින් තම ශරීරය වෙනස් කිරීමට වෙහෙසෙන තාක් , හොඳම පෝෂණ අතිරේක මොනවාද යන්න සොයනු ඇත. හොඳම පෝෂණ අතිරේකය මෙයයි ලෙස කිසිවක් නම් කළ නොහැකිය . වේ ප්‍රෝටීන් , කේසීන් , බිත්තර ප්‍රෝටීන් යන සියල්ලම ඒ සදහා එක ලෙස දායක වෙයි.





No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation