සෞඛ්‍යසම්පන්න පේශී වර්ධන ආහාර 7 ක්
/
On
/
In

සෞඛ්‍යසම්පන්න පේශී වර්ධන ආහාර 7 ක්

In
/ Read Time 4 mins

 සෞඛ්‍යසම්පන්න පේශී වර්ධන ආහාර 7 ක්


 

දිගු කාලීන ලෙස මස් බහුලව ආහාරයට ගැනීම සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. එමනිසා සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම බාහිරයෙන් මෙන්ම ඇතුළාන්තයෙන්ම ඔබගේ ශරීරය ශක්තිමත් හා නීරෝගී වීමට හේතු වේ.
මෙම ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ බොහෝ පෝෂණවේදීන් සෞඛ්‍යසම්පන්න ආහාර ලෙස නිර්දේශ කරන ලද ආහාරය.

 

 සෞඛ්‍යසම්පන්න කායවර්ධන ආහාර මාලාවක අඩංගු විය යුතු ආහාර

මෙම ආහාර මාලාව තුළ ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් , කාබෝහයිඩ්‍රේට , ඔමේගා 3 මේද අම්ල හා ඔමේගා 6 මේද අම්ල අඩංගු විය යුතුය .

 

මාළු

මෙහි ප්‍රෝටීන් , ඔමේගා 3 මේද අම්ල , විටමින් හා ඛනිජ ලවණ බහුලය. විවිධ මාළු වර්ග ඔබට ආහාරයට ගත හැකි අතර සැමන් බොහෝ දෙනා අතර ජනප්‍රිය මාළු වර්ගයයි. 


Quinoa

මෙහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වේ. එමෙන්ම මැග්නීසියම් හා කැල්සියම් වලින් අනූන මෙහි කොලෙස්ටෙරෝල් ඉතාමත්ම අඩුවෙන් අන්තර්ගත වේ.

 

බිත්තර 

අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල මෙහි අන්තර්ගත වන අතර, ශක්තිමත් අස්ථි ,නිරෝගී සමක් හා පාලනයකින් යුක්තව කැලරි අවශෝෂණය කිරීමට මෙය දායක වේ. 

 

කොටාජ් චීස්

ඉහළ රසයකින් යුක්ත මෙහි ප්‍රෝටීන් අධිකව හා මේද අවමව අඩංගු වේ. මෙයට පළතුරු එක් කරගත් විට තවත් රසවත්ය.

 

බෝංචි ඇට

ප්‍රෝටීන් හා තන්තු වලින් අනූන  මෙහි කොලෙස්ටෙරෝල් අවමය.

 

යෝගට්


 

මෙය අපගේ සෞඛ්‍යයට ඉතාමත්ම හිතකර ආහාරයකි . හොද ප්‍රෝටීන් ප්‍රභවයක් මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියට හිතකර බැක්ටීරියා අඩංගු බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සදහාද වැදගත් වේ.

 

සෝයා 

ශරීරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීම හා හොද ප්‍රෝටීන් ප්‍රභවයක් වීම සෝයා ආහාරයට ගැනීමෙන් අත්වන වාසි වේ. 

 

සැලැස්මකට අනුව නිවැරදිව ආහාර ගන්න.

ඉහත ආහාර ඔබගේ පේශී වර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා ඉවහල් වේ. කායවර්ධනයේදී ඔබ ගන්නා ආහාර මෙන්ම ඒවා ගන්නා කාලයද වැදගත් වේ. උදෑසන ආහාර වේලට හා ව්‍යායාම කිරීමට පෙර හා පසුව කාබෝහයිඩ්‍රේට ගැනීම අත්‍යවශ්‍ය වේ. 

අවසාන වශයෙන් , ආහාර මෙන්ම නිවැරදි ව්‍යායාම මාලාවක්ද අනුගමනය කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන පරිදි පේශීන් වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ.

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: