Tribulus terrestris ආහාරයට ගැනීමෙන් ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවාගන්න
/
On
/
In

Tribulus terrestris ආහාරයට ගැනීමෙන් ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවාගන්න

In
/ Read Time 4 mins

Tribulus terrestris ආහාරයට ගැනීමෙන් ඔබගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවාගන්න... 





Tribulus terrestris යනු සමකාසන්න රටවල් වල වැවෙන සපුෂ්ප ශාකයකි. එය විවිධ රෝග ගණනාවක් සුව කිරීමට යොදා ගනියි. ග්‍රීසියේ මෙය මූත්‍රා ආබාධ සුව කිරීමටත්, චීනයේ මෙය හිසරදය හා ක්ෂණික මෝචනය සුව කිරීමටත් යොදා ගන්නා අතර, අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ කායවර්ධකයින් හට මෙම ශාකයෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවය.  

 


ටෙස්ටොස්ටෙරෝන් යනු පේශී වර්ධනයට සෘජුවම දායක වන ශරීරයේ නිපදවෙන හෝර්මෝනයකි. එහෙත් සමහරුන් ටෙස්ටොස්ටෙරෝන් ස්‍රාවය වැඩි කරවන විවිධ සෞඛ්‍යයට අහිතකර අතිරේකයන් ලබා ගනියි. මේවා නිසා බොහෝ අතුරු ආබාධ ද ඇති වේ. 

ප්‍රොස්ටේට් ග්‍රන්ථිය විශාල වීම , හිස කෙස් ගැළවී යාම, පිරිමි පියයුරු වර්ධනය වීම, පිළිකා ඇති වීම එම අතුරු ආබාධ වලින් කිහිපයකි . කාන්තාවන් මෙම ඖෂධ ගැනීමෙන්, කටහඩ ගැඹුරු වීම, රැවුල වැවීම ආදී පුරුෂ ලක්ෂණ ඇති වීම සිදු වේ. එමෙන්ම දිගු කාලීන භාවිතයෙන් වකුගඩු හා අක්මාවේ ආබාධ ඇති වේ.  නමුත්  Tibulus  terrestris යනු සෞඛ්‍යයට හිතකර අයුරින් ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරගැනීමට භාවිතා කළ හැකි ශාකයකි. 

ඉතා තීව්‍ර ව්‍යායාම රටාවක් ඇති අයගේ හෝර්මෝන ස්‍රාවය යම් තරමකින් අඩු වීම සිදු විය හැකිය. එනමුත් පිටතින් ගන්නා විවිධ ස්ටෙරොයිඩ හෝර්මෝන/ඖෂධ මෙන් නොව මෙම ශාකය මගින් ශරීරයේ  LH( ලුටෙනීකරණ හෝර්මෝනය ) මට්ටම ඉහළ නංවනු ලබයි. 

LH මට්ටම ඉහළ යන විට ශරීරයෙන් නිපදවෙන ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන මට්ටමද ඉහළ යයි.  මෙලෙස ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යන විට ඔබට පහසුවෙන් පේශීන් වර්ධනය කරගත හැකිය.  නමුත් මෙම ශාකය කායවර්ධනය සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් යම් යම් මතභේද පවතියි. මෙය භාවිතයෙන් ලිංගික ක්‍රියාකාරිත්වය ඉහළ යන බව විවිධ අධ්‍යයන වලින්  පෙන්වා දී ඇත. 


 

කායවර්ධකයින් යොදාගෙන සිදු කළ පරීක්ෂණ කිහිපයක් මගින් මෙම ශාකයෙන් පේශී වර්ධනයට බලපෑමක් නැති බව පෙන්වා දී ඇත . එසේ නමුත් , මෙය භාවිතා කරන සමහර කායවර්ධකයින් මෙයින් හොඳ ප්‍රතිඵල ලැබුනු බවත්, තවත් පිරිසක් ඔවුන්ට කිසිදු ප්‍රතිඵලයක් නොලැබුනු බවත් පවසයි. 

මෙය විවිධ පුද්ගලයින්ට විවිධ ප්‍රතිඵල ලබා දෙන බවට ඉහත තොරතුරු සැළකීමෙන් පසක් වේ.  ඒ පිළිබඳව ඇති මතභේද කෙසේ වෙතත්,   තම ටෙස්ටොස්ටෙරෝන් මට්ටම නැවත වර්ධනය කරගන්නට කායවර්ධකයින් මෙය කායවර්ධන තරග නොපැවත්වෙන කාලවලදී   භාවිතා කරයි.   මෙහි අතුරු ආබාධ ඉතාමත්ම අඩුය. 

 


 

ස්ටෙරොයිඩ ආදී ඖෂධ ගන්නේ නැති ඔබට පේශී වර්ධනය සදහා  මෙය අත් හදා බැලීමට හැකිය.

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: