ඔබගේ මස් පිඬු වේගයෙන් වර්ධනය නොවීමට හේතු 10 ක අනාවරණය.
/
On
/
In

ඔබගේ මස් පිඬු වේගයෙන් වර්ධනය නොවීමට හේතු 10 ක අනාවරණය.

In
/ Read Time 4 mins

ඔබගේ මස් පිඬු වේගයෙන් වර්ධනය නොවීමට හේතු
10 ක අනාවරණය. 

 

කායවර්ධනයට පිවිසෙන බොහෝ දෙනා තමන්ගේ ව්‍යායාම මාලාව පිලිබඳව උපරිම අවධානයක් යොමු කරන අතර කායවර්ධනයේ වැදගත්ම අංගයක් අමතක කරනු ලබනවා.මෙසේ අමතක කරන දෙය නම් "තීව්‍ර කායවර්ධන ව්‍යායාම මාලාවකට පසුව කල යුත්තේ කුමක්ද ?" යන්නයි.ඔබ ඔබගේ එල්ලා වැටෙන පේශී වලින් මිදිය යතු නම් මෙම මස් පිඬු වර්ධනයේ රහස් 10 හා බැඳිය යුතු වනවා. 

 

1.ඔබ ඔබ ආහාරයට ගන්න දේවල් ගැන සටහනක් තබා නොගන්නවා විය හැක.මෙයින් මිදීමට පෝෂණවේදියෙකුගේ සහය ලබා ගන්න.ඉන් පසු ඔබ ඔහු පවසන දේ අකුරටම ඉටු කිරීමට වග බලා ගන්න.

 2.ඔබ නිවැර්දි පුහුණු රටාවක් අනුගමනය කලද ඔබගේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ප්‍රෝටීන ලැබෙන ප්‍රෝටීන ඌණ ආහාර වේලක් ලැබීම සිදු විය හැක.විශාල පේශී වර්ධනයේ ලා වැදගත්ම පෝෂකය වන්නේ ප්‍රෝටීනයි. 

3.දෙවන කරුණ අනුවම,දුර්වල ආහාරයද ප්‍රධාන අංගයක් විය හැක.ඔබගේ සිරුරට අවශ්‍ය තරම් කැලරි නොමැති නම් ඔබගේ මස් පිඬු වර්ධනය වනවා වෙනුවට ඒවා දනය වීම සිදු වනු ඇත. 

4.ඔබගේ සිරුරට හා පේශී වලට අවශ්‍ය තරම් විවේකයක් නොලැබෙන තැන තෙක් ව්‍යායාම කරනවා විය හැක.යලි වර්ධනය වීමට මස් පිඬු වලට යම් විවේක කාලයක් අත්‍යාවශ්‍ය වේ. 

5.අනෙක් කරුණ වන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ව්‍යායාම කිරීමයි.cardio ව්‍යායාම සෑමදාම අනවශ්‍ය ප්‍රමාණයට සිදු කිරීම මස් පිඬු වේගයෙන් වර්ධනයට හේතු නොවේ.

 


 

 6.ඔබගේ සිරුර ශක්තිය අතින් උපරිම සීමාව කරා ලඟා විය හැක.තවදුරටත් ඔබගේ තීව්‍ර ව්‍යයාම මාලව සිදු කිරිමට තරම් හැකියාවක් නොමැති වීමට ඉඩ තිබේ.විශාල මස් පිඬු වර්ධනය ඔබගේ සිරුරට වැඩි අතිරේක පෝශණයක් අවශ්‍ය විය හැක. 

7.ඔබගේ උපදේශකයා නිර්දේශ කලාට වඩා වැඩි sets ගණනක් ඔබ කරනවා ඇති.මස් පිඬු වර්ධනයෙ රහස වන්නේ  නිවැරදි බරක් හා නිවැරදි ඉරියව්වක් පවත්වා ගනිමින්  ගැලපෙන  sets ගණනක් සිදු කිරීමයි. 

8.ඔබ ඉතා පීඩාකාරී ආකාරයට හෝ වැරදි ඉරියව් වලින් ව්‍යායාම කරනවා විය හැක.මස් පිඬු වලට නිවැරදිව වර්ධනය වීමට නම් නිවැරදි ඉරියව්ව හා  ක්‍රමයට ව්‍යයාම කිරීම ඉතා වැදගත් වේ. 

9.ඔබ මස් පිඬු වර්ධනයේදී ක්‍රමක්‍රමයෙන් දියුණු වනවා [progression] වෙනුවට ලිහිල් වීම කරනවා විය හැක.

 


10.අවසාන වශයෙන් ඔබ හොඳින් උද්දීපනය වී නොමැති විය  හැක.ඔබ කරන්නේ මොනවාද,ඔබට අවශ්‍ය කුමන ආකාරයේ සිරුරක්ද යන්න පිලිබඳ අවබෝධයකින් තොරව  ව්‍යායාම ආරම්භ කරා විය හැක.සැලසුම් කල ක්‍රමයක් වේගයෙන් මස් පිඬු වර්ධනයට උපකාරී වේ.

 

 

 

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: