අධි ප්‍රෝටීන ආහාර-ක්ෂණික ප්‍රෝටීන බහුල snacks
/
On
/
In

අධි ප්‍රෝටීන ආහාර-ක්ෂණික ප්‍රෝටීන බහුල snacks

In
/ Read Time 4 mins

 අධි ප්‍රෝටීන ආහාර-ක්ෂණික ප්‍රෝටීන බහුල snacks


 


 

ඔබගේ සිරුරට අධී ප්‍රෝටීන ආහාර කොතරම් වැදගත් ද?ඔබගේ සිරුරට කොපමණ ප්‍රෝටීන අවශ්‍යද?දිගු කාලයක් පුරාවට අධිකව ප්‍රෝටීන ලබා ගැනීම සුදුසුද?සිරුරට ප්‍රෝටීන කොතරම් වැදගත්ද යන්න ප්‍රසිද්ධ කරුණක්.වැඩ කරන අතරතුර ක්ෂණික ආහාර ගැනීමට බොහෝ දෙනා පෙලඹෙනවා.තෝරා ගත යුත්තේ කුමන ආහාරද යන්න නොදන්න බොහෝ දෙන්න නවතින්නේ කාබෝහයිඩ්‍රේට හා මේද අධික අඩු ප්‍රෝටීන ආහර වලයි.

වෙහෙසෙන අයට,තීව්‍ර ව්‍යයාම කරන අයට හා සම්පූර්ණ ආහාර වේලක් ගත නොහැකි අයට මෙම අධි ප්‍රෝටීන snacks ඉතා වැදගත්.

අඩු මේද,කාබෝහයිඩ්‍රේට සහිත සැකසීමට පහසු පහත ආහර  ඔබට විසඳුමක් විය හැක.



බිත්තර සුදු මද-එක් සුදු මදයක කැලරි 15 කා ප්‍රෝටීන ග්‍රෑම් 4ක් අඩංගු වේ.එසේම එහි මේද හා කොලෙස්ටෙරොල් අඩංගු වන්නේ නැහැ.බිත්තර සුදු මද දෙකක් තැටියක දමා කුළු බඩු ස්වල්පයක් එක් කර ගත් විට අධි ප්‍රෝටීන ආහාරය සකසා ගෙන අවසානයි.
ටූනා මාළු-ඉතා හොඳ ප්‍රෝටීන මූලාශ්‍රයකි.එක් කෑන් එකක ප්‍රෝටීන ග්‍රෑම් 25 ක් අඩංගුය.කෑන් එකක කැලරි 11ක් හා මේද 0 ක් අඩංගුය.සැන්විච් සැදීමේදී මේද බහුල මයොනීස් සෝස් ගන්න එපා.

ප්‍රෝටීන් bars-විශාල වර්ග ගණනක් තිබුනද අවම මේද හා කාබෝහයිඩ්‍රේට් හා අධි ප්‍රෝටීන සහිත එකක් ගැනීමට වගබලා ගන්න.සමහර වර්ග වල ඉතා ඉහල සෝඩියම්  අඩංගු නිසා ප්‍රවේසම් වන්න.සෞඛ්‍යමය ආහර විකුණන තැනකින් ඒවා ලබා ගැනීම වඩා සුදුසුයි.


කොටේජ් චීස්-අනෙක් චීස් ලෙස නොව මේවායේ කෝප්ප භාගයක කැලරි 102 ක් ප්‍රෝටීන ග්‍රෑම් 16 ක් හා මේද ග්‍රෑම් 2 ක් අඩංගු වනවා.පලතුරු හා එක් කර ගැනීමෙන් එහි අධි ප්‍රෝටීන සංයුතිය ඌණ පූරණය කල හැක.




protein shakes - ප්‍රෝටීන් bars වලට සමානයි.වෙලඳපොලේ ඇති බොහෝ ඒවාගේ කාබෝහය්ඩ්‍රේට ප්‍රතිශතය ඉහල වන අතර එම නිසා තමාගේම පානයක් සදා ගනිමින් එයින් වැලකිය හැක.

කජු බටර්-එක තේ හැන්දක ප්‍රෝටීන ග්‍රෑම් 4ක් මේද ග්‍රෑම් 8 ක් හා කැලරි 95 ක් අඩංගු වේ.තිරිඟු පාන් පෙත්තක් මත එය තවරා කෙසෙල් පෙති කිහිපයක් එක් කර රස බලන්න.

ඕට්ස්-ඕට්ස් එක බඳුනක කැලරි 105ක්,ප්‍රෝටීන් ග්‍රෑම් 5ක්, මේද ග්‍රෑම් 2ක් අඩංගු වේ.එහි අඩංගු අධික තන්තු ප්‍රමාණය නිසා ඔබට කුස පිරුණු ගතියක් දැනේ.තීව්‍ර ව්‍යායාම මාලාවකට පසුව සුදුසුම ආහාරයකි මෙය.
කාර්‍යබහුල වුවද නොවුවද මෙම පහසුවෙන් පිලියෙල කල හැකි ප්‍රෝටීන ආහර නිසා ඔබට තවදුරටත් මේද බහුල අල පෙති කෑමට අවසර නැහැ.නමුත් නිරෝගී සිරුරක් පවත්වා ගැනීමට සමබර ආහර වේල අවශ්‍ය බව නම්  අමතක කරන්න එපා.අනවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණයක් සිරුරට අහිතකර වන අතර හොඳ ප්‍රෝටීන,මේද හා කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර ලබා ගැනීමට උත්සහ කරන්න.



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: