සෞඛ්‍යයට ඉතාමත්ම හිතකර පොල්තෙල්..
/
On
/
In

සෞඛ්‍යයට ඉතාමත්ම හිතකර පොල්තෙල්..

In
/ Read Time 4 mins

 සෞඛ්‍යයට ඉතාමත්ම හිතකර පොල්තෙල්...



ඔබ පොල්තෙල් ආහාරයට ගැනීමට තව දුරටත්  බිය විය යුතු නොවේ. කලකට පෙර පොල්තෙල් වල සෞඛ්‍යයට අහිතකර සංතෘප්ත මේද අඩංගු බවත්, එය රුධිර කොලෙස්ටෙරෝල් මට්ටම වැඩි කිරීමට හා හෘද රෝග ඇති කරවීමට හේතු වන බවත් පැවසුනද දැන් පොල්තෙල් කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමට හා නීරෝගී හෘදයක් පවත්වා ගැනීමට හේතු වන බව සොයාගෙන තිබේ.

සමකාසන්න රටවල් අවුරුදු දහස් ගණනක් පුරාවට පොල්තෙල් භාවිතා කර ඇත. ඇමරිකාවද පොල්තෙල් භාවිතා කළ බවට සාක්ෂි 19 වන සියවසේ ඔවුන්ගේ ඉවුම් පිහුම් පොත් වල ඇති ආහාර වට්ටෝරු සැළකීමෙන් පැහැදිලි වේ. නමුත් සංතෘප්ත මේද සියල්ල අහිතකර බවට පැතිරුණු මතවාද නිසා ඔවුන් පොල්තෙල් භාවිතයෙන් ඈත් විය. ඒ වෙනුවට සෝයා තෙල් වැනි බහුඅසංතෘප්ත මේද භාවිතය කෙරෙහි ඔවුන් නැඹුරු විය.
නමුත් පොල්තෙල් පිළිබඳව වර්තමාන මතවාදය මීට හාත්පසින්ම වෙනස් එකකි. 

 


සමකාසන්න රටවල් වල පුද්ගලයන් පොල්තෙල් භාවිතා කරන අතර බටහිර රටවලට සාපේක්ෂව ඔවුන්ගේ හෘද රෝග, ආන්ත්‍රික පිළිකා හා පිළිකා තත්ව අවම වේ. ඔවුන් බටහිර රටවලට සාපේක්ෂව හොඳ සෞඛ්‍යය තත්වයෙන් පසුවෙයි.


පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කෙරුණු අධ්‍යයන වලින් පෙනී යන්නේ එය සතුව පිළිකා නාශක , බැක්ටීරියා නාශක හා වෛරස් නාශක හැකියාවන් පවතින බවය. එමෙන්ම එය කොලෙස්ටෙරෝල් අඩු කරන අතර තයිරොයිඩ් හෝර්මෝනය නිපදවීම උත්තේජනය කිරීමෙන් පහසුවෙන් බර අඩු කරගැනීමට හැකියාව ලැබේ. පොල්තෙල් වල අඩංගු ලෝරික් අම්ලය එයට විෂබීජ නාශක හැකියාව ලබා දෙන අතර, මෙම ලෝරික් අම්ලය මව් කිරෙහිද අන්තර්ගත වන දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දෙන සංඝටකයකි . මව් කිරි වලට අමතරව ස්වභාවිකව ලෝරික් අම්ලය බහුලව අඩංගු වන්නේ පොල්තෙල් වලය.

හතලිහ දශකයේ ගොවීන් තම සතුන් මහත් කර ගැනීමට ඔවුන්ට පොල්තෙල් ලබා දුන් බවත් එහෙත් ඔවුන් බලාපොරොත්තු නොවූ ලෙස එම සතුන්ගේ  මේද ප්‍රතිශතය පහළ ගොස් ඔවුන් වඩාත් ක්‍රියාශීලි වූ බවත් ආහාර රුචිය ඉහළ ගිය බවත් වාර්තා වේ. ඉන්පසුව ගොවීන් සතුන්ගේ තයිරොයිඩ ක්‍රියාකාරිත්වය පහත හෙළන ඖෂධයක් ලබා දී ඇත. එය ආහාර අඩුවෙන් ලබා දී සතුන් මහත් කර ගැනීමට උපකාරී වූ නමුත් එය පිළිකාකාරකයක් විය. එමෙන්ම මෙලෙස තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩු කිරීමට සෝයා හා  ඉරිගු  යොදා ගත හැකි බව මෙම ගොවීන් පසුව සොයාගන්නා ලදි.

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: