කරත්ත කවි - තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා - karaththa kavi
/
On
/
In

කරත්ත කවි - තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා - karaththa kavi

In
/ Read Time 4 mins

 තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

 


 

දුප්පත් කමට ගොන් බැඳ ගෙන දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ අපි වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා

වයිර ගොනා දණ ගහලා දිනකොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොකද කරන්නේ පූරුවේ කළ පවට
ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට

බතල කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්ට බැරි අලගලේ කන්ද
හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමණල කන්ද

උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා

කළු ගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ

බර වැඩියෙන් පටවා කළ වරදට
තඩිබාල දැක්කුවෙ ගොන් ඉස්සරට
වුණ මෙමුලා කියමිද මම දැන් කාට
සුදු වයිරෝ ඇදපන් ගාල ගාවට

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා

තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: