Nawa arahadi budu guna නව අරහාදී බුදුගුණ
/
On
/

Nawa arahadi budu guna නව අරහාදී බුදුගුණ

/ Read Time 4 mins

 Nawa arahadi budu guna නව අරහාදී බුදුගුණ

 

Nawa arahadi budu guna නව අරහාදී බුදුගුණ

 

1. අරහං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක

2. සම්මා සම්බුද්ධෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. විජ්ජාචරණ සම්පන්නෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. සුගතෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.

5. ලෝක විදූ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.

6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්‍ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්‍රතිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

8. බුද්ධෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

9. භගවා

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: