අට විසි  බුදුන් වහන්සේලා අට විසි බෝධීන් වහන්සේලා - Atawisi Budun Wahansela
/
On
/

අට විසි බුදුන් වහන්සේලා අට විසි බෝධීන් වහන්සේලා - Atawisi Budun Wahansela

/ Read Time 4 mins

 අට විසි බෝධීන් වහන්සේලා අට විසි බෝධීන් වහන්සේලා

අට විසි  බුදුන් වහන්සේලා අට විසි බෝධීන් වහන්සේලා - Atawisi Budun Wahansela

 

අටවිසි බෝධීන් වහන්සේලා පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනු ලබන මූලික ග්‍රන්ථ ලෙස බෝධිවංශය සහ සූත්‍ර පිටකය හඳුන්වා දිය හැක. 

ඉතිහාසය පුරා බුදුන් වහන්සේලා බුද්ධත්වය ලබාගත් පරිද්දට අනුව, උන්වහන්සේලාට සෙවණ දුන් බෝධි වෘක්ෂයන් ලෙස සැලකෙන ශාක විශේෂ 22ක් වෙන්කර දැක්වේ. මෙම ශාක 22, ශාක කුල 7කට අයත් වන අතර, 

එයින් කිහිපයක්  සල්, නා, නුග, අට්ටික්කා වැනි ශාක , ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වගා වී ඇති අතර, ඒවා ජෛව විවිධත්වය සඳහාද ඉතා වැදගත් වේ.

පාලි නම

  1. තණ්හංකර බුදුහිමි ( බෝධිය  : රුක් අත්තන බෝධිය )
  2. මේධංකර බුදුහිමි ( බෝධිය  : කෑල නැමති බෝධිය )
  3. සරණංකර බුදුහිමි ( බෝධිය  : පුලිල නැමති බෝධිය )
  4. දීපංකර බුදුහිමි ( බෝධිය  : පුලිල නැමති බෝධිය )
  5. කොණ්ඩඤ්ඤ බුදුහිමි ( බෝධිය  : සල් බෝධිය )
  6. මංගල බුදුහිමි  ( බෝධිය  : නා බෝධිය )
  7. සුමන බුදුහිමි ( බෝධිය  : නා බෝධිය )
  8. රේවත බුදුහිමි ( බෝධිය  : නා බෝධිය )
  9. සෝභිත බුදුහිමි ( බෝධිය  : නා බෝධිය )
  10. අනෝමදස්සී බුදුහිමි ( බෝධිය  : කුඹුක් බෝධිය )
  11. පදුම බුදුහිමි ( බෝධිය  : මුරුත බෝධිය )
  12. නාරද බුදුහිමි ( බෝධිය  : මුරුත බෝධිය )
  13. පදුමුත්තර බුදුහිමි ( බෝධිය  : කිරිපලුබෝධිය )
  14. සුමේධ බුදුහිමි ( බෝධිය  : බක්මී බෝධිය )
  15. සුජාත බුදුහිමි ( බෝධිය  : උණ බෝධිය )
  16. පියදස්සි බුදුහිමි ( බෝධිය  : කුඹුක් බෝධිය )
  17. අත්ථදස්සි බුදුහිමි ( බෝධිය  : සපු බෝධිය )
  18. ධම්මදස්සි බුදුහිමි ( බෝධිය  : කරවි බෝධිය )
  19. සිද්ධත්ථ බුදුහිමි ( බෝධිය  : කිණිහිර බෝධිය )
  20. තිස්ස බුදුහිමි ( බෝධිය  : කොහොඹ බෝධිය )
  21. ඵුස්ස බුදුහිමි ( බෝධිය  : නෙල්ලි බෝධිය )
  22. විපස්සි බුදුහිමි ( බෝධිය  : පලොල් බෝධිය )
  23. සිඛි බුදුහිමි ( බෝධිය  : අඹ බෝධිය )
  24. වෙස්සභු බුදුහිමි ( බෝධිය  : සල් බෝධිය )
  25. කකුසඳ බුදුහිමි ( බෝධිය  : බක් බෝධිය )
  26. කෝණාගම බුදුහිමි ( බෝධිය  : දිඹුල් බෝධිය )
  27. කස්සප බුදුහිමි ( බෝධිය  : නුග බෝධිය )
  28. ගෞතම බුදුහිමි ( බෝධිය  : ඇසතු බෝධිය )


ඔබට තෙරුවන් සරණයි !



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: