දස පාරමිතා ධර්මයන් සහ අදාළ ජාතක කතා - Dasa Paramitha saha Adala Jathaka Katha
/
On
/

දස පාරමිතා ධර්මයන් සහ අදාළ ජාතක කතා - Dasa Paramitha saha Adala Jathaka Katha

/ Read Time 4 mins

දස පාරමිතා ධර්මයන් සහ අදාළ ජාතක කතා

සම්බෝධියට පමුණුවන කුශලයෝ පාරමිතා නම් වෙති. ලෞකික සම්පත් පතා කරන කුශලයෙන් ලෞකික සම්පත් ම ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ. එ බැවින් ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුශලයෝ පාරමී සංඛ්‍යාවට යෙති.

දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමං
ඛන්ති සච්චමධිට්ඨානං - මෙත්තුපෙක්ඛාතිමා දස


යනුවෙන් දැක්වෙන පරිදි දාන පාරමිතාවය, ශීල පාරමිතාවය, නෙක්කම්ම පාරමිතාවය, ප්‍ර‍ඥා පාරමිතාවය, වීර්ය පාරමිතාවය, ක්ෂාන්ති පාරමිතාවය, සච්ච පාරමිතාවය, අධිෂ්ඨාන පාරමිතාවය, මෙත්තා පාරමිතාවය, උපේක්ෂා පාරමිතාවය යි පාරමිතා දසයෙකි.

 

දස පාරමිතා ධර්මයන් සහ අදාළ ජාතක කතා - Dasa Paramitha saha Adala Jathaka Katha

 

  1. දාන පාරමිතාව
    1. චදිරංගාර ජාතකය
    2. සිවි ජාතකය
    3. සස ජාතකය
    4. චුල්ල පදුම ජාතකය

  2. ශීල පාරමිතාව
    1. චංඛපාල ජාතකය
    2. කුරු ධර්ම ජාතකය
    3. ඡද්දන්ත ජාතකය
    4. ලෝමහංස ජාතකය

  3. නෙක්ඛම්ම පාරමිතාව
    1. චමඛාදේව ජාතකය
    2. කුද්දාල ජාතකය
    3. චුල්ලබෝධි ජාතකය
    4. සෝමනන්ද ජාතකය

  4. ප්‍ර‍ඥා පාරමිතාව
    1. උම්මග්ග ජාතකය
    2. සත්තු භත්ත ජාතකය
    3. තුණ්ඩිල ජාතකය
    4. සම්භව ජාතකය
    5. විධුර (පණ්ඩිත) ජාතකය

  5. වීර්ය පාරමිතාව
    1. වණ්ණුපථ ජාතකය
    2. අපණ්ණක ජාතකය
    3. නන්දි විසාල ජාතකය
    4. පඤ්චායුධ ජාතකය
    5. මහා ජනක ජාතකය

  6. ක්ෂාන්ති ( ඛන්ති ) පාරමිතාව
    1. ක්ෂාන්තිවාදී ජාතකය
    2. මහා කපි ජාතකය
    3. මහා පදුම ජාතකය

  7. සච්ච පාරමිතාව
    1. සුතසෝම ජාතකය
    2. වට්ටක ජාතකය
    3. පදුම ජාතකය
    4. සුප්පාරක ජාතකය

  8. අධිෂ්ඨාන පාරමිතාව
    1. තේමිය ජාතකය
    2. නළපාන ජාතකය
    3. ලෝමස කශ්‍යප ජාතකය
    4. ලෝමහංස ජාතකය

  9. මෙත්තා පාරමිතාව
    1. ඡන්දන්ත ජාතකය
    2. නිග්‍රෝධ මිග ජාතකය
    3. චුල්ලබෝධි ජාතකය
    4. භූරි දත්ත ජාතකය
    5. සංඛපාල ජාතකය

  10. උපේක්ෂා පාරමිතාව
    1. අනනුසෝචිය ජාතකය
    2. උරග ජාතකය
    3. ලෝම හංස ජාතකය


බුදු, පසේ බුදු, මහරහතන් යන උත්තරීතර පදවි ලැබීමට සම්පූර්ණ කළ යුතු පාරමිතා දහයක් තිබේ. එම පාරමිතා දස පාරමී , දස උපපාරමී , දස පරමත්ථ පාරමී වශයෙන් තිහකට බෙදේ. ( දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා , ... ආදී වශයෙන් ).


මහා බෝධී පාරමී, පච්චේක බෝධි පාරමී, ශ්‍රාවක බෝධි පාරමී වශයෙන් පාරමිතාවෝ තුන් ආකාර වේ.

 

 

තෙරුවන් සරණයි ... 🙏 


The ten perfections (dasa parami) , dasa paramitha yanu, dasa paramitha saha jathaka katha, dasa paramitha sinhala pdf download. dasa paramitha HD photos

 

Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: