Dasa sil pada sinhala - දස සීලය
/
On
/

Dasa sil pada sinhala - දස සීලය

/ Read Time 4 mins

 දස සීලය

සීල යනු සුචරිතවත් බව, යහපත් ක්‍රියාව, සදාචාරය හා විනය වැනි අර්ථයකින් යුත් පාලි වචනයකි.සරලවම සිත,කය දෙකෙහි සංවරයයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිද්‍යාවේ කොටසක් වන අතර දස පාරමිතාවේ දෙවන පාරමිතාවයි. එය ක්‍රියාවෙන්, වචනයෙන් හා සිතුවිල්ලෙන් පාරිශුද්ධත්වයට පත්වීමයි. සීලයේ අංග 4 නම් බ්‍රහ්මචර්යාව, සන්සුන්භාවය, නිහඬබව හා නිවීමයි. එනම් තණ්හාව වැනි සිතුවිලි නැවත සිතට ඇතුල් වීම වලක්වයි.

 

සිල් ඉල්ලන වාක්‍යය 🙏

ඕකාස අහං භන්තේ තිසරණේන සද්ධි ගහට්ඨ දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ, අනුකම්පං උපාදාය.
දුතියම්පි ඕකාස අහං භන්තේ තිසරණේන සද්ධි ගහට්ඨ දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ, අනුකම්පං උපාදාය.
තතියම්පි ඕකාස අහං භන්තේ තිසරණේන සද්ධි ගහට්ඨ දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ, අනුකම්පං උපාදාය.

 

දස සිල් ගාථා / ( දසසිල් යනු / දසසිල් නම් කරන්න ) 🙏

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  7. නච්ච ගීත වාදිත විසූකදස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  8. මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  9. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  10. ජාතරූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

 

මෙයට අයත් මුල් සිකපද නවය අටශීලයට අයත් සිකපද ම ය. විශේෂයෙන් ඇත්තේ අන්තිම සිකපදය ය. එහෙත් මේ ශීලය උසස් ශීලයෙකි. මෙය උත්කෘෂ්ට ලෙස සමාදන් වෙනවා න් තමාට අයත් රන් රිදී හා මුදල් කිසිවක් තබා නො ගෙන සමාදන් විය යුතුය. සාමාන්‍යයෙන් එක් දිනකට පමණක් සමාදන් වන්නහු විසින් තමා අයත් රන්රිදී හා මුදල් තිබෙන තැන්වල තිබෙන්නට හැර අලුතෙන් කිසිවක් නො පිළිගත යුතු ය. තිබෙන මුදල් පිළිබඳ සංවිධානයක් ද නො කළ යුතු ය.

 

Dasa sil pada sinhala - දස සීලය

 

තෙරුවන් සරණයි 🙏

 
dasasil, dasa sil, dasa sil lyrics, dasa sil gatha nam karanna, silaya, dasa sil yanu, dasa sil sinhala, dasa sil pdf download, dasa sil photo download, dasa sil , The Ten Precept. sinhalagreeting.com, theruwan saranai!
Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: