Atasil Pada - අටසිල් ගාථා
/
On
/

Atasil Pada - අටසිල් ගාථා

/ Read Time 4 mins

අටසිල් ( අෂ්ටාංග ශීලය )

ගිහි ථේරවාද පිළිවෙත් අෂ්ටාංග ශීලය හෙවත් අෂ්ට ශීලය හෙවත් අට සිල් හෙවත් අටසිල් යනු බෞද්ධයන් සඳහා වූ සාමාන්‍ය පංච ශීලය ට වඩා තරමක් දැඩි ලෙස පිළිපැදීම රිසි බෞද්ධ ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් පිළිපැදිය හැකි ශික්ෂා පද රැසකි. අෂ්ටාංග ශීලයෙන් පරමාර්ථ කොට ඇත්තේ සදාචාරාත්මක වශයෙන් නොමනා චර්යාවන්ගෙන් වැලකීම සහ වඩාත් ධාර්මික දිවි පෙවෙතක් රැකීමත්ය. අනෙක් අතින් පංච ශීලය පරමාර්ථ කොට ඇත්තේ සදාචාරාත්මක වශයෙන් නොමනා චර්යාවන්ගෙන් වැලකීම පමණි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය වැනි ථේරවාද බෞද්ධ රටවල , බෞද්ධ ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් බොහෝ විට සැකිල්ල:උපන්‍යාස ඇවැසිය සතියකට එක් දිනක් ( උපෝසත හෙවත් පොහොය දිනයන්හිදී: අමාවක, පුර-අටවක, පසළොස්වක හා අව-අටවක දිනයන්) ආශ්‍රමිකව හිඳිමින්, අෂ්ටාංග ශීලය රකිති. බුදුන් වහන්සේ විසින් අෂ්ටාංග ශීලය රැකිය යුතු ආකාරය පිළිබඳ හා, සහ අෂ්ටාංග ශීලය පිළිපැදිය යුතු නිවරැදි හා වැරැදි ආකාර පිළිබඳ  දේශනා කොට ඇත.

 

සිල් ඉල්ලීමේ වාක්‍යය : 🙏


ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ: අනුකම්පං උපාදාය. දුතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මෙ භන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි ඕකාස! අහං භන්තේ. තිසරණේන සද්ධිං අට්ඨංගුපෝසථ සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ. අනුකම්පං උපාදාය.


අටසිල් ගාථා / ( අටසිල් යනු / අටසිල් නම් කරන්න ) 🙏

  1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  3. අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  6. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධවිලේපන ධාරණමණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
  8. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
     

 

Atasil Pada - අටසිල් ගාථා - atasil pdf download

 

තෙරුවන් සරණයි 🙏

atasil, atasil gatha, atasil lyrics, atasil yanu, atasil pdf download, atasil sinhala, atasil theruma, atasil , buddhism. sri lanka, buddhist, sinhala greeting, theruwan saranai!
Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: