Binara poya day wishes in sinhala - පිංබර බිනර පොහෝ දිනයක් වේවා ! - 93 - බිනර පොහොය දිනයේ වැදගත් කම - sinhala Readers - Sinhala Greeting Cards & Wishes

Latest

Friday, September 9, 2022

Binara poya day wishes in sinhala - පිංබර බිනර පොහෝ දිනයක් වේවා ! - 93 - බිනර පොහොය දිනයේ වැදගත් කම

 පිංබර බිනර පොහෝ දිනයක් වේවා !

 
Binara poya day wishes in sinhala - පිංබර බිනර පොහෝ දිනයක් වේවා ! - 93 - බිනර පොහොය දිනයේ වැදගත් කම
 

බිනර පොහොය දිනයේ වැදගත් කම : 

  • මෙම පුන් පොහොය දිනය මුලු මහත් ලෝක වාසී කාන්තා පාර්ශවය හට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත්,  අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “විශාලා මහනුවර කූටාගාර ශාලාවේ” වැඩ වෙසෙන සමයේ “මහ ප්‍රජාපතී ගෝතමී” දේවිය හා “රෝහිනී” නදී තීරයේදී පැවදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙක් කසාවත් හැඳ හිසකෙස් සිඳ “කිඹුල්වත්” පුරයේ සිට “විශාලා” මහනුවර දක්වා පැමිණ “අෂ්ට ගරු ධර්ම” පිළිගත් පසු, මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලේ මෙම පුන් පොහොය දිනයේදී වීමය. 

 අෂ්ට ගරු ධර්ම

  1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදිනම උපසම්පදාව වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කළ යුතුය.
  2. භික්ෂුන් නැති පෙදෙසක භික්ෂුණිය වස් නොවැසිය යුතුය.
  3. භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ අවවාද ලබාගත යුතුය.
  4. වස් අවසානයේදී භික්ෂු - භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.
  5. යම් වරදක් සිදුකළ භික්ෂුණියක් වෙතොත් ඇය සය මසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතේව කළ යුතුය.
  6. වසරක් සාමණේර තත්ත්වය හික්මවීමෙන් පසු භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදා ලැබිය යුතුය.
  7. කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැන නොවැදිය යුතුය.
  8. භික්ෂුවකට භික්ෂුණිය කිසිවිටකත් අවවාද නොකළ යුතුය.
  • අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව “බරණැස් නුවර ඉසිපතනාරාමයේ” වැඩ වාසය කළේය.  මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුලදී  සිදුවී ඇති බවට පැරණි පොත පතෙහි සදහන් වේ.
  • සියලු ශ්‍රී ලාංකිකයන් හට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ “කේශ ධාතු” තැන්පත් කරනලද  “ගිරිහඩු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ “ලාලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කමත් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමය.

 

Binara poya special - History of Binara Full Moon Poya

The Binara Poya Day holds special significance for Buddhists across the globe for numerous reasons including the anniversary of the commencement of the Meheni Sasanaya.

The beginning of the Bhikkuni Sasanaya was also recorded on Binara Full Moon Poya Day.

When the Blessed One was residing at Nigrodharamaya in the city of Kapilavasthu, Mahaprajapathi Gothami requested permission for women to enter the Order.

After laying down the eight tenets of the code to be followed by the Bhikkhunis, Lord Buddha granted permission for the women to enter the Order.

 

 poya day, sinhala greeting cards, free greeting cards, poya day sri lanka, poya day facebook post, binara poya day whatsapp status, whatsapp stories, poya day instagram post, binara poyaday sinhala wishes, sinhalagreeting.com, binara poya day wedagath kama, importance of binara poya day

 

තෙරුවන් සරණයි ... 🙏

 

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation