බර වැඩි කර ගැනීමට සෞඛ්‍යමත් පෝෂණාතිරේක.
/
On
/
In

බර වැඩි කර ගැනීමට සෞඛ්‍යමත් පෝෂණාතිරේක.

In
/ Read Time 4 mins

 බර වැඩි කර ගැනීමට සෞඛ්‍යමත් පෝෂණාතිරේක.

 



ආහාර ගැනීම පමණක් බර වැඩි කිරීමට හේතු නොවුනද,ආහාර ගැනීම කාර්යක්ෂම බව තහවුරු කරගැනීමට බොහෝදෙනා පෝෂනාතිරේක යොදා ගන්නවා.වෙලඳපොලේ බොහෝ පෝශනාතිරේක තමන් හොඳම ප්‍රථිපල ලබා දෙන බව කීවද  ඒවා මුදල් වැයකිරීමක් පමණක් වේ.සැබැවින් ම බරවැඩි කරගැනීමට අවශ්‍ය අයට පහත දැක්වෙන්නේ  අධි කාර්යක්ෂම බර වැඩි කරගැනීමේ  පෝශනාතිරේක වේ.
 

ප්‍රෝටීන පවුඩර්

පේශී වර්ධනයේ අලුත්වැඩියවේ හා අස්ථි සෞඛ්‍ය පවත්වා ගැනීමේ මුලික පෝශකය ප්‍රෝටීනවේ.මස් වර්ග,රනිල භෝග හා කිරි ආහාර වර්ග ප්‍රෝටීන ආහාර මූලාශ්‍ර වේ.බර වැඩි කරගැනීමට ප්‍රොටීන භාවිතා කරන ප්‍රධාන  කාණ්ඩය වන්නේ කායවර්ධන ක්‍රීඩකයන්වේ.බර උසුලන්නන් අතර හොඳම බර වැඩි කරන පෝශනාතිරේකය ලෙස ප්‍රෝටීන සැලකේ.
 

ක්‍රියටීන්

මෙය මස් පිඬු වලට ශක්තිය සැපයීම සඳාහා අවශ්‍ය වේ.මෙය සිරුර තුළ ප්‍රමාණවත් කෙස නිපදවන්නේ නැති අතර ආහාර මගින් ස්වල්පයක් ලබා ගත යුතුය.මෙය මස් පිඬු වල ප්‍රමාණය,ශක්තිය හා බලය වැඩි කරයි.එහි ඇති අනෙක් ලක්ෂනය වන්නේ මස් පිඬු තුල ජලය රඳවාගෙන ලැක්ටික් අම්ල නිපදවීම අඩු කිරීම වේ.
 

මල්ටි විටමින[Multi vitamin]

මෙය ලාක්ෂණික බර වැඩි කරන පෝශනාතිරේක නොවුනද එය අප්‍රසිද්ධ වන්නේ නැත.මෙම මල්ටිවිටමින මගින් සිරුරට අවශ්‍ය හොඳම පෝශක හා ඛණිජ සිරුරට ලැබෙමින් රෝග වලින් ආරක්ශා කරයි.

ප්‍රෝටීන බාර්.


 

අපගේ සිරුරට ශක්තිය හා පෝශක ලබා ගැනීමට පහසුම ආකාරය වන්නේ මෙම ප්‍රෝටීන බාර් වේ.ආහාර ලබා ගත නොහැකි බොහෝ අවස්ථාවලදී බොහෝදෙනා ප්‍රෝටීන බාර් ආහාරයට ගන්නවා.ලාබා ගැනීමේ පහසුව මත මෙය අනෙක් බර වැඩි කරගැනීමේ පෝශ්ණාතිරේක අතරින් සුදුසු එකක් වනවා.

 

අධි කලරි ආහාර වේල්.

විශාල වශයෙන් ආහාර ලබා ගත්තද සමහර අයගේ බර වැඩි නොවන අවස්ථා අපමණ වාර්තා වනවා.මෙහිදී සිරුරේ පරිවෘතීයට සරිලන ලෙස කැලරි ලබා ගැනීම වැදගත් වේ.බර වැඩි කර ගැනීමට නම් ඔබ කල යුත්තේ ඔබගේ කැළරි ලබා ගැනීම වැඩි කිරීමයි.


ග්ලුටැමීන්

බර ඉසිලීම,පාපන්දු වැනී තීව්‍ර ක්‍රියාකාරකමකට පසුව සිරුර අලුත්වැඩියා වීමට අවශ්‍යම ඇමිනෝ අම්ලයකි මෙය.පරීක්ෂණ වලට අනුව මෙය පේශී තුල සුලබතම ඇමිනෝ අම්ලය වන අතර ,මෙය වැඩිපුර තිබීම යනු ඉක්මනින් අලුත්වැඩියා වීම වේ.ඔබගේ මස් පිඬු ඉක්මනින් අලුත්වැඩියා වෙනවා යනු ඉක්මනින්ම ඔබගේ පේශී වර්ධනය වීම වේ.

මෙම බර වැඩි කරන පෝශනාතිරේක ගැන දැන ගැනීම මගින් අපට විවිධ සමාගම් මගින්  ප්‍රවර්ධනය කරන මිල අධික පෝශනාතිරේක ලබා ගැනීමෙන් වැලකිය හැක.ඒවා අයුතු බලපෑම් තිබෙන භයානක ඒවා විය හැක.ඉහත සඳහන් පෝශනාතිරේක භාවිතා කර සෞඛ්‍යමත් ලෙස බර වැඩි කර ගන්න



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: