ඇල්කොහෝල් ඔබගේ මස් පිඬු වර්ධන උත්සහයන් අඩාල කර ඔබව ස්ථූලතාවට පත් කරන ආකාර 5ක්.
/
On
/
In

ඇල්කොහෝල් ඔබගේ මස් පිඬු වර්ධන උත්සහයන් අඩාල කර ඔබව ස්ථූලතාවට පත් කරන ආකාර 5ක්.

In
/ Read Time 4 mins

 ඇල්කොහෝල් ඔබගේ මස් පිඬු වර්ධන උත්සහයන් අඩාල කර ඔබව ස්ථූලතාවට පත් කරන ආකාර 5ක්.

 


යමෙක් තම මස් පිඬු වර්ධනය කෙරෙහි  කොතරම් සැලකිලිමත්ද යන්න ගැන පහසුවෙන් නිගමනය කල හැකි ක්‍රමයක් තිබේ.එනම් ඔවුන් ඔවුන්ගේ ඇල්කොහොල් පානය පාලනය කරන ආකාරයයි.පරීක්ශණ රාශියකින් පෙනී ගොස් ඇත්තේ ඇල්කොහොල් පානය කිරීම මස් පිඬු වර්ධනය අඩාල කරන බවයි.ඔබ මිතුරන් සම්ඟ  සාදයකට ගිය විට ඔවුන් ඔබට පවසාවි බීම වීදුරු දෙකක් බීම එතරම් සැලකිය යුතු දෙයක් නොවන බව.මෙම ලිපිය මගින් අප පෙන්වා දෙන්නේ ඇල්කොහොල් පානය කිරීම මස් පිඬු වර්ධනය අඩාල කරන ආකාර 5 කි.


1.එය ප්‍රෝටීන සංස්ලේශණය අවම කර වර්ධක හෝමෝනය ස්‍රාවය අවම කරයි.

විවිධ අධ්‍යන වලින් පෙනී යන්නේ ඇල්කොහොල් මගින් ප්‍රෝටීන සංස්ලේශණය අඩාල කිරීම මගින් සමස්ත මස් පිඬු ස්කන්ධය අඩු කරනු ලැබේ.මස් පිඬු ප්‍රෝටීන සංස්ලේශණය වන්නේ එම පේශී අවශ්‍ය තරම් පෝටීන වලින් පෝශණය වන විටය.ඇල්කොහොල් මගින් වර්ධනය අඩාල කරන අනෙක් ක්‍රමය වන්නේ වර්ධක හෝමෝන ස්‍රාවය අඩු කිරීම මගිනි.මෙම වර්ධක හෝමෝනය යනු බොහෝ කායවර්ධකයන් සුවිශාල බවට පත් වීමට එන්නත් කරන හෝමෝනයයි. ඇල්කොහොල් අවභාවිතාව මගින් වර්ධක හෝමෝනය ස්‍රාවය 70% කින් අඩුවේ.එම නිසා හැම වෙලේම මත්පැන් පානය කරමින් මස් පිඬු වර්ධනය වන්නේ නෑ කියමින් පැමිණිලි කිරීම කරන්න එපා.

2.එය යථා තත්වයට පත් වීමේ වේගය අඩු කරයි.

ඔබ ව්‍යායම  වලට පසුව යථාතත්වයට පත් වන වේගය අනුව ඔබ කොපමණ මස් පිඬු වර්ධනය කර ගනීද යන්න තීරණය වේ.
ඔබ යථා තත්වයට පත් වීමට යම් යම් පෙති වර්ග ගත යුතුද යන්න සිතුවද ඔබ ඇල්කොහොල් පානය කරමින් නම් එම කිසිවක් ක්‍රියාත්මක නොවේ.ව්‍යායාම කිරීමේදී මස් පිඬු වල සියුම් ඉරීම් ඇති වන අතර ඇල්කොහොල් පානයෙදී ප්‍රෝටීන සංස්ලේශණය අඩු වන නිසා යථා තත්වයට පත් වීමේ වේගය අඩු වේ.

3.මේද දහනය කරන පරිවෘතීය අඩු කරන අතර එමගින් බර වැඩි වීමට හේතු වේ.

ඇල්කොහොල් පානය කල විට සිරුර ඒවාගෙන් ලැබෙන හි කැලරි ශක්තිය භාවිතා කරමින් මේද හා කාබෝහයිඩ්‍රේට  දහනය පසෙක තබයි.ඔබගේ අරමුණ බර අඩු කර ගැනීම නම්  ඔබ ඒ සියල අත් හැරිය යුතුයි.මෙම කැලරි "හිස් කැලරි" ලෙස හඳුන්වන්නේ එහි කිසිම පෝශණීය අගයක් නොමැති බැවිනි.ඇල්කොහොල් ග්‍රෑම් 1ක කැලරි 7ක් අඩංගුය.උදාහරණයක් ලෙස යමෙක් ඇල්කොහොල් මිලි ලීටර 30ක් පානය කල විට හිස් කැළරි 100ක් පමණ ලැබේ.


4.මෙමගින් මස් පිඬු විජලනය වීමට ලක් කරන අතර මස් පිඬු වල ජලය රැඳී තිබීම වලකයි.

මස් පිඬු වල ජලය රඳා පවතිමින් ප්‍රෝටීන සංස්ලේශණය සඳහා සංවෘතීය පරිසරයක් ලබා දේ.ඇල්කොහොල් මගින් මස් පිඬු වල ඇති ජලය පිටතට යවා ප්‍රොටීන සංස්ලේශණය අඩාල කරයි.එසේම මස් පිඬු සංකෝචනයට අවශ්‍ය වටිනා පෝශක පේශියෙන් ඉවත් කරයි.


5.එය ටෙස්ටොස්ටෙරොන් මට්ටම අඩු කරයි.

ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය අඩු කරමින් කාන්තා හෝමෝනය වන ඊස්ටරජන් මට්ටම වැඩි කිරීම ඇල්කොහොල් වල ඇති බරපතලම හානියයි.ඔබ ඇල්කොහොල් වැඩි ප්‍රමාණයක් ගත් විට ටෙස්ටොස්ටෙරොන් මට්ටම 30% අඩු වේ.එනම් ඔබ වැඩිපුර ඇල්කොහොල් ගන්නා තරමට ඔබගේ ටෙස්ටොස්ටෙරොන් මට්ටම අඩු වේ.



Share Your Love
Dishan TD

Dishan is a passionate web designer and developer with years of experience building modern websites and digital solutions. He enjoys creating helpful content on technology, blogging, productivity, and everyday topics to educate and inspire readers.

Related Posts

Leave a Reply

Share your thoughts below.

No comments: